වතු සේවකයින් කම්කරු කාර්යාලය ඉදිරිපිට වාඩිලාගනී

Read More

බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’

Wheat flour relief for plantation workers

බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ  හදිසි සහන ලෙස  සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බවය. “වතු කම්කරුවන්ව රවට්ටන්න දැන් දවසකට පාන් පිටි ග්‍රෑම් 500 ක් අඩු ගානකට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුකිරීම තමයි වතු කම්කරුවන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුමයැයි  කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි…

Read More

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්

Plantation workers with jeevan thondaman

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව ආගරපතන වැවිලි සමාගමට අයත් වතු යායේ වැඩ කරන කම්කරුවන්ගේ වෘත්තීය අරගලයක් පසුගිය සතියේදී දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙනි. “කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දෙන්න ආගරපතන වතු සමාගම එකඟවුනා, ඒත් ඒක ලියවිල්ලකින් තහවුරු කර දෙනකම් අපි බලාන ඉන්නවා,” යැයි රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් පවසයි. දේශපාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුල වෘත්තීය සමිති වැඩ වලින් ඈත් වුවද…

Read More

#P2P නිසා නඩු වැටුණු මාධ්‍යවේදීන්ට ඇප!

Bail for journalists who participated in P2P

නැගෙනහිර සිට උතුර දක්වා වූ විරෝධතා පා ගමනක ගිය නිසා නඩු පවරන ලද  නැගෙනහිර මාධ්‍යවේදීන්,දේශපාලනඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබේ. දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව ගිය ඉකුත් පෙබරවාරි 03 වැනිදා පොතුවිල් නගරයෙන් ආරම්භ කරන ලද #P2P යනුවෙන් නම් කෙරුණු පස් දින පාද යාත්‍රාව හමාර වූයේ උතුරේ පොලිකන්ඩියෙනි. උසාවි නියෝග හමුදා පොලිස් බාධක සහ වසංගත රෙගුලාසි යොදාගෙන එම පාගමන නවත්වන්නට ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එස්.නිලාන්දන් සහ “බැටී නිවුස්” වෙබ් අඩවියේ හිමිකරු ආර්.සියනෝලිබවන් ට එරෙහිව එම…

Read More

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 

cost of living allowance for plantation workers

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස බඩු මිල ඉහල යන ඒකත් එක්ක කම්කරුවන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි, ඒ හින්දා මේ ජීවන වියදම් දීමනාව රුපියල් 500 දක්වා ඉහල දාන්න ඕනෑ,”යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි. මන්ත්‍රී ශ්‍රීධරන් කියා සිටියේ විදේශ විනිමය රටට ගෙන ඒමට සමත් වන වතු කම්කරුවන්ට…

Read More

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.

Plantation workers protest against Rs. 1,000 cut

පඩිපාලක සභාව මගින් නියම කොට  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති  දෛනික මූලික වැටුප වන රුපියල් දහස  කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක්  විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙසැම්බර් 14 වැනි අඟහරුවාදා තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ  කම්කරුන් සිය ගණනක් විරෝධතාවය සදහා එක්ව සිටි බවයි. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක්  ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්  වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස  කප්පාදු කිරීමට කටයුතු කරන බවට …

Read More

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!

Plantation workers demand collective agreement

වතු කම්කරුවන්ගේ වැටුප්  ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම්  සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන ගිය අරගලයෙන් පසු වැටුප් නිරාකරණය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි විය. ඩයගම, තලවකැලේ, කොටගල සහ  ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ  ලිඳුල නගරයට දෙසැම්බර් 12 වැනිදා   රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.…

Read More

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!

Plantation workers strike against pay cuts

සිය  දෛනික  මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින්  දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක්  එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23  වැනි අඟහරුවාදා   ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන,  ඇල්බියන් වත්ත, බ්‍රස්ටන්, සින්න නාගවත්ත, නිව් බ්‍රස්ටන් ආදී වතුවල තේ දළු නෙලන කම්කරුවන් අද දිනයේ සේවා ස්ථිනයට වාර්තා කර සිය රාජකාරිය ඉටු නොකරමින් වැඩ වර්ජනය දියත් කර තිබේ. එයට සමගාමීව සින්න නාගවත්ත වතු කම්කරුවන් විසින් විරෝධතාවයක්ද දියත් කළ බව පළාත් බද…

Read More

අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!

Plantation workers fight against unfair conditions

අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ වතු හාම්පුතුන් විසින් හදිසියේ ඉහල නංවා ඇති දෛනිකව තේ දළු ප්‍රමාණය නෙළිමට නොහැකි වුවහොත් වැඩ කරන දින ගණන සීමා කරන බවට වතු කළමණාකරු විසින් ලිඛිතව දන්වා ඇති බවයි. දිනකට එක් කම්කරුවකුට තේ දළු කිලෝ විස්සක  ප්‍රමාණයක් නෙලීමට නොහැකි වුවහොත් සතියකට වැඩ කිරීමට ලබා දෙන්නේ  දින තුනක් පමණක් බවට වතු කළමනාකරු විසින් කම්කරුවන්ට ලිඛිතව දැනුම් දී…

Read More