රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රන්ජන්ගේ වොයිස් කට් හා අපේ ජනමාධ්‍ය!

රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් ඊයේ (12) එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය. එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස් කියුවෝද ඔහුට ලබා දි ඇති දඬුවම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටියි. රංජන් රාමනායක මහතාට මේ සිර දඬුවම හිමි වුයේ 2017-08-21 වෙනි දින එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…

Read More

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම – වික්ටර් අයිවන්

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම

අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත…

Read More