Tag: Ranil Wickremesinghe
ගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තනන රනිල්
මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි රනිල් වික්‍රමසිංහ නොකියන බව ඇත්ත. 2015-2019 අතර කාලයේ රාජපක්ෂලා ආරක්ෂා කෙරුණේත්, ඒ ගැන රටට අඬබෙර ගසා නොවන බවත් ඇත්ත. අවුරුදු තුනකටත් අඩු කාලයක් තුළ මුළු රටක්ම මහපාරට ඇද දැමූ ආර්ථික වින්නැහියත්, 2005 සිට මේ රටේ සමාජ-දේශපාලන දේහය තුළ රාජපක්ෂවරු ගොඩනැඟූ දූෂිත සහ පරපුටු සංස්කෘතියත් මා හඳුන්වන්නේ “රාජපක්ෂවාදය” නමිනි. එම කාරණය අවධාරණය නොකරමින්, “74 වසරක ශාපයක්”…
Read Moreපාඨලී ගන්න රනිල් කැමතියි..!
පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය එකඟතාවය පළකර ඇත. පසුගිය දා 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවමින් මෙම එකඟතාවයන් ප්‍රකාශ කර ඇත. මීට ප්‍රථම මෙවැනිම ආකාරයේ ලිපියක් හරීන්_මනූෂ දෙදෙනා වෙතද යොමුකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සජබ ප්‍රබලයන් එකතු කරගනිමින් ඔවුන් හට අමාත්‍ය…
Read Moreරනිල්ගේ වැල් පාළමේ ගීතය….!
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…
Read More21 වන සංශෝධනය සාකච්ඡාවට
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බවයි.
Read Moreහෙට විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.
Read Moreස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
Read More