ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

42 arrested for participating in teachers' strike

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතු කොට ගෙන අද දිනයේ විරෝධතා රථ පෙළපාලි 5කින් කොට්ටාව, මොරටුව, කඩවත, හා වැලිසර සිට පැමිණි ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශාල උද්ඝෝෂණයකට එක් විය. මෙම විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් 42 දෙදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත. මෙම අත්අඩංගුවට…

Read More

online වර්ජනය තවදුරටත්!

online education strike continues Joseph Stalin

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත් එසේ නියෝගයක් ලබා දී ඇත්තේ කොහේදැයි විමසන ඒ මහතා කියා සිටින්නේ මේ සියලුල සිදු වන්නේ ආණ්ඩුවේ සහ පොලිසියේ උවමනාව මත බවයි. එදා අධිකරණයෙන් ඇප ලබා දුන් පසුවත් නිරෝධායනයට කියා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් කලේ නිරෝධායනය නොවන බවත් එය අයුතු රඳවා ගැනීමක් බවද කියා සිටියි. කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය  මෙන්ම මිලිටරිකරණය කිරීමට සුදානමට…

Read More

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

Joint protest by the Teachers and Principals Association

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ  (16) පොලොන්නරුවේ දී පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ විරෝධතාවට සහභාගී වෙමිනි. ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාව පොලොන්නරුව පොල හන්දියේ සිට රෝහල හන්දිය දක්වා ගමන් කළ අතර රෝහල හන්දිය අසලදී විරෝධය පළ කර සාමකාමීව විසිර ගියහ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා වහා ඉවත් කරනු, ගුරුසංගම් නායකයින්…

Read More

බඩු මිල ඉහල යාමට විරුද්ධ උතුරේ උද්ඝෝෂණයකට පොලිස් බාධා!

Jaffna Protest Releasing political prisoners and lowering prices

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ. යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි  පසුගිය සති අන්තයේ උද්ඝෝෂණය දියත් කර තිබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය විසිනි. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කිරීම මූලික කරගත් එම විරෝධතාවයේදී,  වසංගත නීති යොදා ගනිමින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා නවත්වන ලෙස රජයට බල කළ උද්ඝෝෂකයෝ රටේ සියලුම ජනතාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන ලෙසත් බල කර තිබේ. රජය විසින් පසුගියදා ඉන්ධන…

Read More