සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

welikada

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ  ආරම්භ කළ  විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය. GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ   අපේක්ෂාව…

Read More

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

lohan

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට තර්ජනය කර අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (18) සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පැමිණ තිබුණි. එහිදි  බන්ධනාගාර අධිකාරියට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමත් සමග බන්ධනාගාර අධිකාරිය ඉදිරිපිට උනුසුම් කාරි තත්වයක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රෝහන බණ්ඩාර,  වෛද්‍ය කාවින්ද බණ්ඩාර හා අනුරාධපුර…

Read More