අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read MoreTag: prisoners rights movement
සිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!-සුදේශ් නන්දිමාල් (ලේකම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව)
මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත. එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත් සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත. කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස…
Read More“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!
මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා දකින බවත් නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම පවසයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා, ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් වෙත පැමිණිල්ලක් සිදුකරමින් එම නීතිඥ කණ්ඩායම එලෙස පවසා ඇත. මෙම නීතිඥ කණ්ඩායම වන්නේ සේනක පෙරේරා, කේ.එස්.රත්නවේල්, පාලිත බණ්ඩාර, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, චුලා රන්ජීව අධිකාරි, තම්බයියා ජේ.රත්නරාජා, ලුතිෆ් සයිනුල්…
Read Moreබන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම
කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින් නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි. මේ වන විට රැදවියන් 15 දෙනෙකු A සිරමැදිරියේ හා c සිරමැදිරියේ වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ. ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිළධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ.ඉන් අනතුරුව ඊයේ සවස 05 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින්…
Read More