සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

Demands from European governments for Ahnaf jazeem release

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට  2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු  ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ  2021 ඔක්තෝබර්  9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි. සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත්   අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ  නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි. සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ…

Read More

PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.

manchu

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා රහිතව  දොලොස් වසරකට වැඩි කලක්  සිරගත කොට සිටි දෙමළ  තරුණයෙක් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ විසිනම වියැති කදිර්වේලු කබිලන්  නැමැති තරුණයෙකි. ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, සින්නපනම්කාට්ටෙයි පදිංචිකරුවෙකි. උතුරේ යුද්ධය නිමා වීමත් සමගම 2009 වසරේ මැයි 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති කදිර්වේලු කබිලන්  වසර එක හමාරක කාලයක් රැදවුම් නියෝග යටතේ තබා ගැනීමෙන් පසු මොණරාගල මහේත්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි 2011 වසරේ පෙබරවාරි 15 වැනි දා සිට සිරගත කර තිබේ. එතැන් සිට මේ දක්වා…

Read More

PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.

europ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවට  ජනාධිපතිවරයා  දිවයිනට පැමිණ සිටින  යුරෝපා සංගමයේ ඉහල  පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති  බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත්තේ  යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ පෙර්දා (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බවය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව …

Read More