වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්

Abolish the Prevention of Terrorism Act M K Shivajilingam

එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් මහතා පවසයි. ජනාධිපති විමර්ශන කොමිසන් සභාව විසින් පත් කරන ලද කමිටුව විසින් මේ වන විට ලබා දී ඇති වාර්තාවේ සඳහන් වන්නේ මේ පනත අහෝසි නොකල යුතු බවය. නමුත් එහි සඳහන් වගන්ති කිහිපයක් සංශෝධනය කල යුතු බව දන්වා ඇත. නමුත් සිවාජිලංගම් මන්ත්‍රීවරයා පවසන්නේ කොමිසමේ මතය පිලිගත යුතු නැති බවය. ජාත්‍යන්තරයේ පවා මේ පනත ගැන කථාබහට ලක්ව…

Read More

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

Prevention of Terrorism Act S Sridaran

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා බලෙන් අතුරුදහන් කරන ලද තම ඥාතියා සොයා දෙන ලෙස ඉල්ලා අරගල කරමින් සිටින බවත් මේ අරගලයේ නිරත වු පුද්ගලයින් 56 කු දැනට මිය ගොස් ඇතත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියි. එදා යුද්ධය අවසන් විමෙන් පසු සිය ස්වාමියාව, දරුවාව, සහෝදරයාව රජයට භාර දුන් ජනතාව මේ අරගලයේ යෙදී සිටින බවද ඔහු පෙන්වා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම

prevention of terrorism act Presidential Commission of Inquiry

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතුරු වාර්ථාව පෙරේදා (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන්…

Read More

මහනාහිමි ඉල්ලීම අනුව ජනාධිපතිගේ තවත් කමිටුවක්!

Gotabaya Rajapaksa Mahanayaka theros presidential commission

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පිරිස් ඇතැයි පවසන සංඝයා වහන්සේගේ ඉල්ලීමක් සම්බන්ධයෙන්  සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ බෞද්ධ උපදේශක සභාව මාර්තු 19 සිකුරාදා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එම  කමිටුව කඩිනමින් ස්ථාපනය  කළ බවයි. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති  බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී …

Read More

සහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!

Gotabaya Rajapaksa easter sunday attack womens associations in sri lanka

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ  වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන්  ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක්  විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ,  වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි. “මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල…

Read More

පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?

final report of the Presidential Commission of Inquiry Easter Sunday attacks

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදුකෙරුණු අතර එහිදී  270 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිසම…

Read More

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

patali champika ranawaka president commission sri lanka

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි අබේරත්න කොමිසම යම් යම් නියාමන දෙන බවද ඒ මහතා පවසයි. මාස කිහිපයක් ඇතුලත නඩු 77 ක් පිලිබඳ විමසීම් කර ඉතාම පක්ෂපාති, මේ රටේ අධිකරණ ක්‍රමයටම අභියෝගයක් වෙන යෝජනා මේ උපාලි අබේරත්න කොමිසම ක්‍රියා කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මේ කොමිසමේ අනෙක් සාමාජිකයින් ගත් කළ ඔවුන්ද මෙරට ගෞරවාන්විත රාජකාරි කළ විනිසුරුවරුන් නොවන බවත් ඔවුන් තම පෞද්ගලික…

Read More

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්

Secretary to the Ministry of Defence Political Revenge Commission

වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පිළිගැනීම් සිදුකළේ නම් අද බොහෝ පිරිසකට ඉන්නට සිදුවන්නේ හිරිගෙවල් වල බවත්, වැරදි කළ බව පරීක්ෂණ මගින් තහවුරු අය හැර වෙනත් අය කිසිදු හේතුවක් නිසා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ජනපති, අගමැති, ආණ්ඩුව හෝ…

Read More