-වික්ටර් අයිවන්- දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව දින පතා රැස්වෙන අතර එහි කෙරෙන කරුනු සොයා බැලීමේ සාකච්ඡා තුළින් ලංකවේ රාජ්‍යය හා හා එහි ආයතන ක්රමයේ කටයුතු සිදුවී තිබෙන දූෂිත, අකාරයක්ෂම හා අවලස්සන සොබාවය තේරුම් ගැත හැකිය. එහි දිග හැරෙමින් තිබෙන කරුනු අනුව අසමත් කමට හා බංකොලොත්භාවයට අවශ්‍ය කටයුතු සිදුවී තිබෙන්නේ ගෝඨාභය පාලනය ඇතිවීමෙන් පසුව පමනක් නොව ඊට බොහෝ කලකට පෙර සිටය. එසේම රටේ ඇතිවී තිබෙන අසමත්කම කෙරෙහි දේසපාලකයා ගේ භූමිකාව පමණක් නොව රාජ්‍ය නිලධාරියාගේ භූමිකාව වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය අධීක්ෂනය කිරීමේ වගකීම පැවරී තිබෙන පාර්මේන්තුව…
Read MoreTag: president gotabaya rajapaksa
සාගතයට ජවිපෙත් වගකියන්න ඕනෑ
ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී වශයෙනි. අපේ ඉතිහාසයේ පරසතුරු උවදුරු ගැන සඳහන් වෙයි. චෝල සහ පාණ්ඩ්‍ය ආදී ඉන්දීය ආක්‍රමණද, පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි ආදී යුරෝපීය ආක්‍රමණද ඉන් ප්‍රධානයි. එදා රජවරු විශාල හමුදා ගොඩනැගුවේ එවැනි පරසතුරු අනතුරුවලට මුහුණදීමටයි. රාජ්‍යත්වයට එරෙහිව රට අභ්‍යන්තරයෙන් මතුවන අභියෝගත් ඒ අතර තිබුණි. ඒවා ඇති වුණේ, ප්‍රාදේශීය නායකයන්ගේ හෝ රාජ්‍යත්වයට අයිතිය කියන පවුල් සහ ඥාතීන්ගේ මෙහෙයවීමෙන් ඇති…
Read Moreදුමින්ද වගේ මිනිමරුවෙකුට, ජනාධිපති සමාව දිය හැකිද?
ආර් දුමින්ද සිල්වා කියලා කියන්නේ හිටපු ආරක්ෂක ලේකම් වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙක් කියන එක නොදන්න ලාංකිකයෙක් නැහැ. ඒනිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවිට බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි ඔන්න වැඩේ හරි දැන් දුමින්ද සිල්වා එළියේ තමයි කියලා. ඒ කතාව කිරිගහට ඇන්නැහේ හරි ගියා. ජනාධිපති සිය පුටුවේ වාඩිවුණ ගමන් දුමින්ද සිල්වාට නිදහස ලබාදෙනවා. ඒකට එකම හේතුව දුමින්ද සිල්වා සහ ඔහුගේ සොහොයුරා රෙනෝ සිල්වා එක්ක වර්තමාන ජනාධිපතිවරයාට තියෙන විශේෂ බැඳීම. දුමින්ද සිල්වා කියන උසාවිය ඉදිරියේ භාරත ලක්ෂමන් ඝාතනයට වැරදිකරු වෙලා මරණීය දණ්ඩනය ලබපු කෙනෙක්. ඒක ඉහළ අධිකරණ සියල්ලම අනුමත කළ…
Read Moreරාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න
මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා එක්ක එකතුවෙලා වැඩ කරන්න. ලෝකය විතරක් නෙවෙයි. මේ රටේ ජනතාවත් ඒකට කැමති නෑ. ඉතිං, අපි මුලින්ම මේ අර්බුදයෙන් ගොඩඒමේ පදනම හදාගන්න රාජපක්ෂලාට යන්න කියන්නම වෙනවා. ඒකයි, මම කියන්නේ ප්රශ්නය ඇති කරපු ගෝඨාභය ජනාධිපතිවරයා එක්ක මේක විසඳන්න බෑ කියලා. රාජපක්ෂලා ආරක්ෂා කරගනිමින් රට ගොඩනගන්න යෑම තවත් විහිළුවක් වෙනවා. මම ලෝකයේ ප්‍රධාන රටවල් සහ ආයතන සමග සාකච්ඡා…
Read Moreප්රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
ජිනීවා (10 මැයි 2022) – අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයකට එලඹෙණ ලෙස ඉල්ලා සිටින ලදි. “මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් පහර දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇති වූ ප්රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි,” Bachelet පැවසීය. මෙම සිදුවීම් වලදී පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇත…
Read More“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි
මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ මන්දිරයේ සිට මුදා හැරීමට කුමන්ත්‍රණය කළ සහ එකී ප්‍රචණ්ඩත්වයට සහභාගි වූ සියලු දෙනා නීතියට අනුකූලව වහා අත්අඩංගුවට ගැනීම සහ එවැනි පුද්ගලයන්ට එරෙහිව පොලිසිය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් තහනම් පනවා ගැනීම. අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සාමකාමී විරෝධතාවන් හී නිරතවූ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්…
Read Moreහිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී බී රත්නායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩලස් අලහප්පෙරුම, යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවනු ඇතැයි දැනගන්නට ඇත. තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත්…
Read Moreතවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
ලංකාවේ වමට ඉඩම් ප්‍රතිසංස්කරණ අමතක උනා වගෙයි!
‘ඉඩම් සංවර්ධන සංශෝධන පනත’ පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර හා වාසස්ථාන සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් එක වචනයක් කීමට වෙලාව හෝ උනන්දුවක් තිබුණේ නැහැ. ලංකාවේ වාමාංශයට ඉඩම් ප්‍රතිසංස්කරණ අමතකා වුණා වගේ යන්න අලුත් ප්‍රස්ථාව පිරුලක් ලෙස එකතු විය යුතුයි. ජනතාව ආණ්ඩුව ගෙදර යවන්නේ නැත්තේ ආණ්ඩුවට කැමැති නිසා නෙවෙයි. අපි නොකරන කැප කිරීම, අදහා ගත නොහැකි කැප කිරීම ලංකාවේ සාමාන්‍ය ජනතාව දශක ගණනාවක් තිස්සේ කරනවා. ඔවුන්ට…
Read More