නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙස ද, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙස ද ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා නාගරික සංවරධන අමාත්‍යවරයා ලෙස ද කාංචන විජේසේකර මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසද අගමැති ඉදිරියේ දිවුරුම් දී ඇත.
Read MoreTag: prasanna ranatunga facebook
ජනතාවගෙන් මුදල් ගැනීමේ ආණ්ඩුවේ සැලසුම!
මාරාන්තික වසංගතය පාලනය සදහා රට අගුලු දැමිමේදී සිදුවන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා යයි පවසමින් වැඩ කරන ජනතාවගේ මුදල් ලබාගැනීමේ සැලසුමක් යළිත් වරක් ආණ්ඩුව විසින්ම යෝජනා කර තිබේ. ඒ වසංගත සමයේ ආධාර වශයෙන් ජනාධිපති කාර්යාලයේ ඉටුකම ව්‍යාපෘතියේ පළමු අදියර වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රැස්කරගෙන තිබියදීය. ශ්‍රී ලංකාවේ වසගත ව්‍යාප්තිය ආරම්භ වු 2020 වසරේ දී රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් කොටසක් ලිඛිතවම ඉල්ලා සිටි ජනාධිපති ලේකම් වෘත්තීය සමිති විරෝධය හමුවේ එම සැලසුම අකුලා ගන්නට සිදුවිය. යළිත් වරක් ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකුම මේ වන විට යෝජනා කර ඇත්තේ වසංගතය පාලනය වෙනුවෙන් රට වසන්නේනම්…
Read More