ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ ගෙවල්වලට යන්නට තරුණ උද්ඝෝෂකයන් කටයුතු කරාවිදැයි අපි දන්නේ නැත. මේ අහු අස්සේ හිටපු අමාත්‍යවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යූ ටියුබ් නාලිකාවක් සමග එකතුව ප්‍රකාශ කරන්නී මේ අයියා මලෝ වහාම තනතුරු අතහැරිය යුතු බවය. ඇය එහිදී ඖෂධ හිඟය ගැන සානුකම්පිතව අදහස් දක්වනු පෙනුනි. ජනතාවගෙන් සමාවද ඉල්ලා සිටින්නීය. මේ දේවල් මෙහෙම උනත් ප්රශ්නය විසඳෙන බවක් පෙනෙන තෙක්…
Read MoreTag: politics in sri lanka hot news
ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට
එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්රශ්නය වන්නේ ගාලුමුවදොර මහජන අරගලය වැනි අරගලවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි. මෙම අරගලය පක්ෂ දේශපාලනයෙන් තොර යයි කීම ඇත්තක් නොවේ. එය යම්දුරකට පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයෙන් දුරස්ථය. එයින් බැහැරකර තිබෙන්නේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය වැනි කණ්ඩායම්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවෘතවම මෙහි සංවිධාන භූමිකාවක සිටියි. එය හොඳ දෙයකි. මෙවැනි මහජන නැගිටීමකට කොඳු නාරටියක් අවශ්‍යය. තමන්ට එම නැගිටීම පාලනය…
Read Moreවිමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ. දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා…
Read Moreගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!
පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. ‘රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවෙන බව’ ගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කිරීම මේ බැනාඬගැසීමට හේතුව වී ඇත. ජයන්ත කැටගොඩ මෙලෙස උදය ගම්මන්පිළ දැඩිව විවේචනය කරන්නට වූ පසුව මහින්දානන්ද අලුත්ගම, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්ද උදය ගම්මන්පිළිට තදින් දෝෂාරෝපනය කර ඇතැයි දැනගන්නට ලැබේ. මෙහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ බහුතරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මාධ්‍ය ඉදිරියට ගොස් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන…
Read Moreවිමල් ඩලස් එළියට?
වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එන්න එන්නම අසාර්ථක වීම තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පහළ බසිමින් පවතින පසුබිමක තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීම සියතින්ම ගෙල සිඳ ගැනීමක් බව මෙම කණ්ඩායමේ අදහසයැයි දැනගන්නට ඇත. මෙම කණ්ඩායම සමග දැනට මන්ත්‍රීවරුන් 30 දෙනෙක් පමණ සිටින බවද ඔවුන්ගේ මීළඟ ඉලක්කය එලබෙන ජනාධිපතිවරණය බවද දැනගන්නට ඇත.
Read Moreඑන්න, විධායක ජනාධිපති ක්රමයේ රඟ සොබාව නරඹන්න
“ප්රජාතන්ත්රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” – නොබෙල් ත්‍යාගලාභී, දිමිත්‍රි මුරටෝව් (2021) ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කළ හැකි දෙයක් නැත. කෝප් කමිටුව (රාජ්‍ය ව්‍යවසාය) සහ කෝපා කමිටුව (රාජ්‍ය ගිණුම්) ඇතුළු විවිධ නම්වලින් පාර්ලිමේන්තු කාරක සභා තිබුණත් ඒවායින් වැඩක් නැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉහත කී කෝප් කමිටුව ඉදිරියට කැඳවා, ආයෝජන මණ්ඩලයේ මූල්‍ය අක්‍රමිකතා සමහරක් පිළිබඳව ප්‍රශ්න කරනු ලැබීමෙන් මහත් අපහසුතාවයට පත් ඒ මහත්වරු…
Read Moreවිමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර මෙම අමාත්‍යවරුන්ට තමන් දරණ අමාත්‍ය ධුර අහිමිවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත්, පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම්වලට තමන් පක්ෂපාත…
Read Moreඅපි හිනාවෙන්නේ චිචීටද?
‘චිචී’ ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා. ලංකාවෙ සිංහල ජාතිය ගැන, භාෂාව ගැන ලොකුවට කතා කරන අය හැමෝමත් තමන්ගෙ දරුවට උගන්නන්න හදන්නෙ ඉංග්‍රීසි. ඒක නලින්ද සිල්වා, ගුණදාස අමරසේකරලාගෙ ඉඳන්ම ඇත්තක්. චිචී ඒක කියනවා. ඒ කියද්දි බොරුව අපිට පේනවා. අපි ඌට හූ කියනවා. ඇත්තටම අපි කාටද හූ කියන්නෙ? චිචීගෙ හරිම ලස්සන දෙයක් තියෙනවා. ඌට එක එක දේවල් කරන්න ආසයි. හැබැයි ආස ඒ කිසිම…
Read Moreඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න
හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න, ලස්සන තරුණියක් කසාද බඳින්න, ඔය වගේ සාමාන්‍ය හීන ඕනෑම තරුණයෙක් ට තියෙනවා. සමහරුන්ට තියෙනවා හීනයක් නාසා ආයතනයට යන්න. අභ්‍යාවකාශගාමියෙක් වෙන්න, රොකට් එකක් අභ්‍යාවකාශයට යවන්න, ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ ටිකක් හමුවෙන්න යන්න, ආචාර්ය උපාධි දෙකක් කරන්න, මේවාට අපි කියනවා සුවිශේෂ හීන කියලා. මේ වර්ග දෙකේම හීන දකින තරුණයෝ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඉන්නවා. හැබැයි…
Read Moreමංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට. ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට…
Read More