පොහොට්ටු හිතවතාට වයඹ උපකුලපති දෙන්න – බී වයි ජී

B Y G Ratnasekera gotabaya rajapaksa Post of Vice Chancellor, North Western University

කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි බී වයි ජී රත්නසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්‍ය එච් එම් ඒ හේරත් පත්කර දෙන මෙන් ඉල්ලා ඇත. පසුගිය ජනවාරි 22 දා ලිපියක් ජනාධිපති වෙත යවමින් ඉහත ඉල්ලීම කරන මෙම මන්ත්‍රීවරයා මෙම මහාචාර්‍යවරයා වයඹ විශ්ව විද්‍යාලය තුළ වසර 21 ක් පමණ සේවය කරන බව සඳහන් කර ඇත. කුලියාපිටියේම ජීවත් වෙන නිසා මෙම තනතුරට ඔහු වඩාත්ම සුදුසු බවද එම ලිපිය මගින් අඟවා ඇත. පසුගිය කාලයේ ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයෙන් තමන්ට පැවරුණ බලතල බාවිතා කරමින් කොළඹ විශ්ව…

Read More

ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය ප්‍රකාශ කළේ ජනාධිපතිගේ ධුර කාලය මෙන්ම ආණ්ඩුවේ ආයු කාලයද අවුරුදු 2කකින් දීර්ඝ කළ යුතු බව ය. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් නිසා නැතිවුණ අවුරුදු දෙක තිබුණා නම් ඉතුරු අධිවේගී මාර්ග ටිකද සාදා නිමකළ හැකි බවය. එනිසා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් තුනෙන් දෙකක බලයකින් එය සම්මත කර එම කාලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බව එහිදී ඇය…

Read More

බැසිල් – ගෝඨා අවුලට බෙල්ල දුන්න, මිල්කෝ උස්සපු ලසන්ත

Milco Chairman Lasantha Wickramasinghe basil gotabaya Rajapaksha

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්‍රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි. අපේ රාජ්‍ය ආයතනවල ලොක්කෝ විදිහට ගොඩක් වෙලාවට පත්වෙන්නේ දේශපාලන එහෙයියෝ. නැත්තං අදාළ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙක්, හිතවතෙක්. දැන්නම් ඉතිං රාජපක්ෂ පවුලට සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. නැත්තං පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක්. දැනුම පළපුරුද්ද නායකත්වය ඒවා පයිසයකට මායිම් කරන්නේ නෑ මේ පත්වීම් කරද්දී. ඒත් පසුගිය කාලේ මිල්කෝ ආයතනය පැත්තෙන් ආපු ආරංචි කීවේ වෙන කතාවක්. පාඩු ලබපු මිල්කෝ දැන් ලාභ ලබනවා…

Read More

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

Renuka Perera Chairman Litro Gas

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්‍රබලයින්ද චෝදනා කළෝය. මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික…

Read More

හොඳටම කළේ අපි ද?

Namal Rajapaksa vaccine in sri lanka

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත්…

Read More

ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.

Namal Rajapaksa ministry of youth and sports sri lanka

රටේ සෑම ප්‍රදේශයකම තරුණ, වැඩිහිටි අය පා පැදි ධාවනය සදහා යොමු වී ඇති බවත් ඒ නිසාම මේ වන විට රටේ වැසී තිබු බයිසිකල් වින්කල් යළි විවෘත වන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩාවෙන් ආර්ථිකය දියුණු වන්නේ එලෙස බවද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමෙන් හොඳ ජීවන රටාවක් සහ පවුල් සංස්කෘතියක් නැවත වතාවක් අපේ රටේ ඉස්මතුකර ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කරයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලංකා ස්පෝට්ස් රයිසන් (LSR) ආයතනය සමඟ එක්ව සංවිධානය කරන නවතම වැඩසටහන වන “ෆැමිලි…

Read More

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

myanmar military government and sri lanka

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට…

Read More