වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. නමුත්, ලංකාව තුළ ඊට ටිකක් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර, පසුගිය සති කිහිපය තුළ දිනකට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණයත්, මිය යන අයගේ ප්‍රමාණයත් යම් කිසි මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මැතකදී සොයාගනු ලැබූ බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව…
Read MoreTag: pavithra wanniarachchi
කොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?
දෛනිකව කොවිඩ් 19 සම්බන්ධව වාර්තාවක් නිකුත් වන්නේය. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවය. මේ වාර්තාවට අනුව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව, සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුලු රෝගීන් ගණන, දැනට තහවුරු කරන ලද මුළු රෝගීන් ගණන, එම දිනයේ තහවුරු කරන ලද මරණ ගණන සහ තහවුරු කරන ලද මුළු මරණ ගණන ලෙස කොටස් කිහිපයකින් සමන්විතය. කොවිඩ් රැල්ල ආරම්භයේදී මෙන් නොව දැන් දැන් මේ වාර්තාවට අනුව රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යව අඩු වෙමින් ඇත. ඊට සාපෙක්ෂව රෝහල් වලින් පිටව යන සංඛ්‍යාව…
Read MorePCR වාර්තා පිළුණු වෙලා කොරෝනා ඉහළ යයි.
දිනය පෙබරවාරි 02 දාය. ස්ථානය අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වල්පොල නාගවනාරාම විහාරස්ථානයයි. මෙදින විහාරස්ථානයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විශේෂ කටයුත්තකට සුදානම් වෙමින් සිටියහ. ඒ නිරෝධායන ක්‍රියාවලියේ සිටි පුද්ගලයින්ට PCR පරීක්ෂණ කිරීමටය. ජනවාරි 17 දා සිට නිරෝධායනයට ලක් වූ පුද්ගලයෙකුද මේ අතර විය. ඔහුව නිරෝධායනයට ලක් කර තිබුණේ කොවිඩ් පොසිටිව් රෝගියෙකු ඇසුරු කිරීමේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම නිසාය. මොහුගේ නිරෝධායන කාලය අවසන් වීමට තිබුණේ පෙබරවාරි 04 දාය. පෙබරවාරි 02 දින ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත මොහු වල්පොල විහාරස්ථානයේදී සිදු කෙරෙන PCR…
Read Moreකොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත් Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද පවසයි. බස්නාහිර පළාතට පමණක් බලපා තිබූ මේ ප්රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක…
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18,…
Read Moreමුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය
මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්, මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට් අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය කොරෝනා වසංගතය මර්ධනය කිරීමට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා නොගෙන අවිද්‍යාව පදනම් කරගෙන, මිත්‍යා දෘෂ්ඨික කාරණා පදනම් කරගෙන බොහෝ දේවල් කිරීමට උත්සහ ගත් බව ඒ මහතා පවසයි. ධම්මික පැණිය පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍ය ඉදිරියට ගොස් එම පැණිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අතර මිනිසුන් මේ පැණිය විශ්වාස කිරිමට එයද එක් හේතුවක්…
Read Moreපහර දුන්නේ මම නොවේ කාලී!
ධම්මික පැණිය කියු සැණින් රටේ සියලු දෙනාගේ මතකයට එන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාවය. ඒ තරමට ඔහු මෙරට විවිධ පුවත් මවන්නෙක් බවට දැන් පත්ව ඇත. කාලි ලෙස පෙනී සිටිමින් කාලි මෑණියන්ගේ පිහිටෙන් නිපදවන ඔහුගේ කොරෝනා පැණියට දැන් රාජ්‍ය අනුග්රහයද ලැබී ඇත. බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා යන්ත්‍රෝපකරණද ලැබී ඇත. මේ පැණිය සායනික මට්ටමේ පැවතියත් මේ වන විට ඒය අතිරේක ආහාරයක් ලෙස රජය පිළිගෙන ඇත. පළමුව නොමිලේ ලබා දුන් මෙම පැණිය මේ වන විට කාලක් රුපියල් 2500 ක මුදලට අලෙවි වේ. මොහුගෙන් පැණි බිවු රැසකට මේ වන විට කොරෝනා ආසාදනය වීද…
Read Moreරාජ්‍ය සේවා කොමිෂන් සභාවට GMOA නිලධාරීන්ගෙන් බලපෑම්!
කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක් අතට ගෙන ඇති බවත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරයා වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බවද ඔවුන් පවසන සෑම දෙයටම අනුමත දීමට අද සෞඛ්‍ය පවිත්‍රා දේවි මහත්මියත් සංජිව මුණසිංහ මහතාත් සුදානමින් සිටින බවද උන් වහන්සේ වහන්සේ පවසයි. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝම වෘත්තිය සමිති කළකිරීමට පත්ව ඇති අතර විශේෂයෙන් වෛද්‍යවරු තමන්ගේ අතකොලු බවට පත් කර…
Read Moreබලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!
සෞඛ්‍ය සේවාවේ වගකිවයුත්තන් සහ සමහර ඇමතිවරුන් විසින් මහජනතාව අවිද්‍යාවේ සහ මිත්‍යාවේ ගොදුරු බවට පත් කරවමින් ඉන්නවා. මිනිස්සුන්ට එල්ලෙන්න වැලක් නැතිවෙනකොට ඕනෙම පිදුරු ගහක එල්ලෙනවා. බටහිර හෝ වේවා, දේශීය හෝ වේවා, ඖෂධයක් මහ ජනතාවට ලබා දීමට පෙර ඊට අදාල නීතිය, සම්ප්රදාය, මහජන ආඩක්ෂාව තහවුරු කල යුතුයි. එය ඊට අදාල වග කිවයුත්තන්ගේ රාජකාරියක් වුවත්, ඔවුනුත් පැණි පෝලිමේ යන තත්වයයට පත්වීම ඛේදවාචකයක් දේශීයත්වය හෝ අපේකම විකුණමින් සුමාන දෙකකට සැරයක් කුමක් හෝ “කට ගැසිමක්” කරලියට එනවා. සෞඛ්‍ය සේවාවට වගකිව යුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිරපුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු වෙනවා. වෛරස ලෙඩ වලට…
Read More1990 සුව සැරියේ අඩු පාඩු හෙළිකළ සේවකයින් මර්දනය වහා නවතනු!
කෝවිඩ් වසංගත මර්දනයට සෘජු ලෙස දායක වන “1990 සුවසැරිය” ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු සහ තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති ක්‍රියාධරයන් මර්දනය කරන බවට චෝදනා කරන වෘත්තිය සමිති මධ්‍යස්ථානයක් මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින වෘත්තිය සමිති නායකයන් සේවයේ පිහිටවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි වෙත ලිපියක් යොමු කරමින් “වැඩ කරන ජන බලය” වෘත්තිය සමිති මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු පිළිබදව හෙළිදරව් වීම වළක්වා ගැනීම සදහා ඒ පිළිබදව අදහස් දක්වන ලද සුවසැරිය ගිලන්රථ සේවාවේ වෘත්තිය සමිති ක්‍රියාධරයන්…
Read More