ඡන්දයකින් තොරව අධිභාර පනත සම්මතයි

parliaments acts sri lanka

කතාබහට ලක්වුණු  අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ  කර ඇත.

Read More

පාර්ලිමේන්තු සේවකයෝ පාරේ යන්නේ හැංගිලා

Parliamentary Staff economic crisis in sri lanka

පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ. මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල් සහ ගෑස් පෝලිම්වල සිටින මිනිසුන් කුපිතවී බස් රථවලට පහර දේවියැයි යන බිය නිසා බව දැනගන්නට ඇත.

Read More

ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය ප්‍රකාශ කළේ ජනාධිපතිගේ ධුර කාලය මෙන්ම ආණ්ඩුවේ ආයු කාලයද අවුරුදු 2කකින් දීර්ඝ කළ යුතු බව ය. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් නිසා නැතිවුණ අවුරුදු දෙක තිබුණා නම් ඉතුරු අධිවේගී මාර්ග ටිකද සාදා නිමකළ හැකි බවය. එනිසා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් තුනෙන් දෙකක බලයකින් එය සම්මත කර එම කාලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බව එහිදී ඇය…

Read More

හැමදාම පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කවුද?

Attendance of Members of Parliament Manthri.lk Research Team

ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී. දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන   2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින්  Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු අනාවරණය කර තිබේ. එම අනාවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් සටහන් කර තිබෙන ජනතා නියෝජිතයන් දාහතර දෙනා අතරින් වැඩි දෙනකු අයත්වන්නේ ආණ්ඩු පක්ෂයටය. එයින් පස් දෙනෙකු සමගි…

Read More

පනත් පහක් සංශෝධනයට

Five Acts to be amended

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම  තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව  (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද…

Read More