රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් කරේ 200ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබදව තවමත් නිලවශයෙන් දැනුම් දී නොමැත.
Read MoreTag: occupy galle face sri lanka
ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු 106(1) වගන්තිය යටතේ අරගල භූමිය නිසා මහජන පීඩාවක් සිදු වන බව තහවුරු කරන්න කොටුව පොලිස් ස්ථානාධිපති නීතිපති දෙපාර්තුමෙන්තුව හරහා පිටු 15ක පමණ දීර්ඝ කරුණ දැක්වීමක් අද (06) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයයේදී සිදුකරලා තියෙනවා කියලා නීතීඥ ප්‍රබෝධ රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අතරේ අද වාර්තා වෙනවා අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල මෙම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව…
Read Moreමේ වෙලාවේ වැදගත්ම වචනය නිර්පාකෂික
ජනමතය තියෙන්නේ කොහේද?, තමුසෙලා දෙන්නම දන්නේ නෑ..!
ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද ලංකාවෙම තරුණයෝ එකතුවෙලා ඉන්නවා. අද අප්‍රේල් 28, මේ ලිපිය ලියන්න ගන්නකොට වෙලාව හවස හතයි කාලයි. මේවෙනකොට අපි දන්නවා අද ක්‍රියාත්මක වුණ වැඩ වර්ජනය අති සාර්ථකයි කියන දේ. කොග්ගල කටුනායක වගේ නිදහස් වෙළඳ කලාපවල තරුණ තරුණියෝ පාරට බැහැලා අද මොකෝ කීවේ? ඔවුන් අද එක හඬින් කීවේ උබලා තව මාසයක් හිටියොත් අපිට රස්සාත් නැතිවෙනවා ඒ නිසා අයියයි…
Read Moreචරිත තුනක්…!
චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම… අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා… ලංකාවෙ ඇතුලෙ වැඩිය ප්‍රසිද්ධ නැති වුනාට, ලෝකය පුරාම හදවත් වල නමක් ඉතිරි කරල ගිය අපූරු මනුස්සයෙක් එක්ක කතාව පටන් ගමු. ඒ එක්කම ලෝකයේ මෙන්ම තමන්ගෙ රටේත් ආදරයටත් සමච්චලයටත් ලක්වූ තවත් මිනිස්සු දෙන්නෙක්ගෙ චරිත ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරමු. ජෝන් උඹ ඇත්තටම කවුද..? “මම සාමාන්‍ය පොලිස් නිළධාරියෙක්.” “නෑ මං ඇහුවෙ… ලෝකෙම උඹව දන්නෙ මළල ක්‍රීඩකයෙක් විදිහට. නමුත්…
Read Moreජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!
අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල් ටික තාච්චියට දාලා දියන් කියලා. ඒක නිහැඬියාවක් එක්ක අවුරුදු නිළ වශයෙන් ආරම්භ වීම. ඒ විදිහට කැවුම් සුවඳ ගේ අස්සේ සරන්න කලින්ම අපිට අවුරුදු උදාවෙලා තිබුණා. කජු කඩන්න ගස් බඩගානකොට, අවුරුද්දට ලැබෙන එකම ඇඳුම ලැබෙනකොට, කැලේ කොළේ ගාල්වෙලා බූරුවා ගහනකොට කඩමණ්ඩියේ කැට ගහනකොට නොම්බර අදිනකොට අපිට අවුරුදු උදාවෙලා තිබුණා. ඉතිං මෙහෙම පටන් ගන්න අවුරුදු සිරි අසිරි…
Read Moreකිරිබත්ගොඩ පොහොට්ටු මැරයා අත්අඩංගුවට..!
ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ. ලංකා නිව්ස් වෙබ්
Read Moreඅරගලය දියාරු වෙයිද?
පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා ‘අරගලයේ දියාරුව’ මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ. කාටහරි හිතෙනවා නම් අරගලය දියාරු වෙනවා, පල් වෙනවා, චොර වෙනවා කියලා. මෙතන ඉන්න මට එහෙම එකක් පේන්නෑ. මොකද පළවෙනි දවසට වඩා අද මිනිස්සු බෝඩ් උස්සගෙන සටන් පාඨ කියමින් කෑ ගහනවා. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහ (එතන තමයි මිනිස්සු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදෙන මේන් පොයින්ට් එක) තවමත් බැරැක්ක වටේට, බැරැක්ක ඉස්සරහ, බැරැක්ක උඩ නැගගෙන මිනිස්සු ගේම ගහන්…
Read Moreරාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!
ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද රාජපක්ෂ එළිපිටම ගේමේය. අසන්නට සිදුවී තිබුණු අපවාද නිසා ඔහු යම් දුරකට මානසිකව පසුබා තිබෙන බවක් පෙනුණ ද, ශාරීරික හේතු නිසා අමාරුවෙන් කළ පසුගිය ජාතිය ඇමතීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ සටන්කාමීත්වයයි. ඔහු පෙන්නුම් කළේ රාජපක්ෂ පවුලේ තිබෙන ආක්‍රමණශීලී ස්වභාවයයි. ඒ අනුව, ඔවුන් බලය හැරයන්නට සූදානම් බවක් නොපෙනේ. අරගලය දිග්ගැසුණු එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි අක්ෂයන්…
Read Moreලස්සන මිනිස්සු ගැන කතාවක්…..!
ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට “ජනතාව” කියන වචනයේ අර්ථය පෙන්නල දුන්නෙ. දැන් ඒ වටා මිනිස්සු එකතු වෙනවා. සල්ලි වලට විකිනෙන මෝඩ ගිහි හා පැවිද්දන් අතරෙ…. තවත් අපූරු සතර පසයක් මේ වටා එකතු වෙනවා. මේ අයට ආගම් හේද නෑ. සතර පසය කීවෙ තේරුම් ගැනීමේ පහසුවට. මුස්ලිම්….. බෞද්ධ… ක්‍රිස්තියානි… අන්‍යාගමික හැමෝම එතන ආදරේ බෙදා ගන්නවා. මොන චෝදනා තිබුනත් මිනිසුන්.. ආදරණීය මිනිසුන් ගෝඨාගම ඉන්නවා. රැට්ටා… අනුරුද්ධ වගේ…
Read More