හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

Hambantota Port Police torture Investigations

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය පැමිණිල්ලක් හම්බන්තොට වරාය පොලිසියට කර තිබු අතර ඒ පැමිණිලි විමර්ශනයට තාරුක පොලිසියට ගොස් තිබුණි. ඒ අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව උප පොලිස් නිලධාරියෙකුට මෙම පුද්ගලයාව පෙන්වා ඇති අතර ඔහු පැමිණ මොහුට තොල පැලෙන්නට ගසා ඇත. පසුව පුටුවක්…

Read More

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.

පොලිස් police constable assaults two students

හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස්  කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව  අයිතිය වෙබ් අඩවියට වාර්තා විය. හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ශ්‍රමදානයකට  ගොස් පස්වරු 5.00 ට පමණ නිවස බලා පාගමනින් යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි හම්බන්තොට වරාය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයෙකු පැමිණ මෙම පහර දීම කර ඇති බව පැවසේ. අධික බීමතින්, සිවිල් පිට සිටි මෙම නිලධාරියා පහර දීමට පෙර මෙම දරුවන් ළඟට පැමිණ මුඛ ආවරණ ගලවන ලෙස තර්ජනය කර ඇත. නමුත් එහිදී ඔවුන් මුඛ…

Read More

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

Manusha Nanayakkara human rights in sri lanka

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය අහිමි වීමේ තහනම එන විට ශානි අබේසේකරට ඇප දෙන්නට කටයුතු කරන බවත් දෙමළ සිරකරුවන් කිහිප දෙනෙක් නිදහස් කිරිමටත් කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දෙයි. මේ කරන්නේ මානව හිමිකම් කවුන්සිලය රැස් වන වේලාවට ෂේප් එකේ ලිස්සා යාමේ ක්‍රියාදාමයක් බවත් කුමන හෝ නූල් සුත්තරයක් ගහගෙන ඊළඟ අවුරුද්ද තෙක් එය ඇදගෙන යන බවද ඔහු පවසයි. මානව හිමිකම්…

Read More

කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa

රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ සහ මම ආස දේ. ඇත්තටම කියනවනම් මම කුඩා කාලේ ඉඳලාම ඔය කැලේ කොළේ අලේ මසේ කාල ජීවත් වෙන්න කැමති මනුස්සයෙක්. මට පොඩි කාලේ ඉඳලම ඔය ලැසි කෑම ජාතිවලට එච්චර ආසාවක් නැහැ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා හදන්නේ නැහැ කන්නේ නැහැ කියලා. නැහැ ඒ දෙකම කරනවා. හැබැයි මම මට කොස් ටිකක් කිරිහොද්දක් එක්ක හම්බුණාම කන…

Read More

කිසිවක් Delete නොකර එකතු කරන වැඩපිළිවෙල “delete nothing”

Delete Nothing Technology Violence Documentation Project

ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්‍රීන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩතා ලේඛනගත කිරීමේ ව්‍යාපෘතියක් එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ලාංකික කාන්තාවගේ දායකත්වයෙන් ආරම්භ කර තිබේ. කිසිවක් Delete කරන්න එපා යනුවෙන් නම් කර ඇති එය  ත්‍රීභාෂා වෙබ් පදනම් කරගත් සමීක්ෂණ මෙවලමකි. තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙබඳු විය හැකිද යන්න සම්පත් සමඟ ඇති මෙවලම්වල විස්තර, එවැනි ප්‍රචණ්ඩත්වයන් සමඟ කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාර අවකාශ සමඟ සම්බන්ධ විය හැකි ස්ථාන වෙබ් අඩවියක තැන්පත් කෙරේ. කිසිවක් Delete කරන්න එපා මඟින් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමේ…

Read More

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT

police torture in sri lanka Right to Life sri lanka

පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්ථා වීම  කණගාටුදායක තත්ත්වයක් බවද එමසංවිධානය කියා සිටියි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත. වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින සිවිල් සංවිධාන…

Read More

මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!

The High Commissioner for Human Rights has come under pressure Michelle Bachelet

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර  එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…

Read More

Ruki Fernando | මේව යට ගහල තවත් අපකීර්තියට පත්වෙනවා

Read More

“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!

Mahara prison killings

මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ  නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා දකින බවත්  නීතිඥ‍ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම පවසයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් වෙත පැමිණිල්ලක් සිදුකරමින් එම නීතිඥ කණ්ඩායම එලෙස පවසා ඇත. මෙම නීතිඥ කණ්ඩායම වන්නේ සේනක පෙරේරා, කේ.එස්.රත්නවේල්, පාලිත බණ්ඩාර, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, චුලා රන්ජීව අධිකාරි, තම්බයියා ජේ.රත්නරාජා, ලුතිෆ් සයිනුල්…

Read More