– කේ. සංජීව – ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත. IUP/PA/CID/OUT/1687/22 යටතේ යොමුකරන මෙම ලිපිය තුළ පොලිස්පතිවරයා මුලින්ම අවධාරණය කරන්නේ 2022.07.05 සහ 06 දිනවල යෙදෙන කළුකොටි සැමරුම් සතිය තුළ උතුරු නැගෙනහිර සහ දකුණු පළාත් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය බුද්ධි සේවයක් මගින් සිදුකර…
Read MoreTag: national people’s power sri lanka
අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?
කොරා පිට අන්ධයා නැගීම
-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…
Read Moreඅනුර එලියට දැම්ම පැලවත්ත පේපර්ස්
හරිනි හරිද?
ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන ප්‍රකාශය හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. රට…
Read Moreගෝනදෙනියෙන් පැමිණි විප්ලවාදියා නික්ම යයි !!!
පියසේන රාමනායකලාට පෙර තිබූ හම්බන්තොට මානව සමාජ සිතියම අපට සොයා ගන්නට උපකාර කරන්නේ ලෙනාඩ් වුල්ෆ්ය. ” Village in the jungle” නමින් ඔහු ලියූ පසුව ‘බැද්දේගම’ නමින් සිංහලට පරිවර්තනය වූ නවකතාව පරිකල්පනයක් වුවත් එය වුල්ෆ් පසුගිය සියවසේ ආරම්භයේ සියැසින් දුටු ගිරුවා පත්තුවය. වුල්ෆ් දුටු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පැතිරුණු සමාජ ආර්ථික පසුබිම ගැන නිවැරදිව කියවිය හැක්කේ වුල්ෆ්ගේ හම්බන්තොට දින පොත් කියවීමෙන්ය. ලෙනාඩ් වුල්ෆ් මෙන්ම මෙකල හම්බන්තොට බූන්දල විසූ ගම්බාරේ නම් උගත් මිනිසෙකු ලියූ දිනපොත් සටහන් තුලින්ද යටත් විජිත සමයේ මේ ගිරුවාපත්තු සමාජ පසුබිම කියවිය හැකිය. වුල්ෆ් ගේ සටහන් අතර ගිරවා පත්තුව ගැන…
Read Moreජවිපෙ අභයන්තර මනස කියවමු!
ජනතා විමුක්ති පෙරමුණ තරම් අභයන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් පක්ෂයක් ලංකා ඉතිහාසයේ තිබුණද කියන ප්රශ්නය තවමත් රටේ රාළට නං තියනවා. සන්නද්ධ දේශපාලනය ඇතුළේ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඇතුළෙත් ඒක එහෙමයි. හැබැයි සන්නද්ධ දේශපාලනයේ සංවිධාන ආකෘතියම බහුජන දේශපාලනයටත් ආදේශ කිරීම ජවිපෙ අතින් උන බරපතල දේශපාලන වරදක්. ජවිපෙ අද තියන සංවිධානය රටාව ඇතුළේ උනත් මිල්ටරි හැඩයක් තිබුණා. ඒ වගේම ජවිපෙ ඇතුළේ තරම් විධිමත් දේශපාලන සංවාදයක් තිබුණ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසය තියෙන්න නැතිව ඇති. තිබ්බා නං ඔය සමසමාජ, කොමියුනිස්ට් පක්ෂලමවල මුල් කාලේ තමයි. වැඩේ තියෙන්නේ දැන් ජවිපෙ ඇතුළේත් එහෙම දේශපාලන සංවාදයක් නෑ. එදා ඒ සංවාද…
Read Moreඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම
‘ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම මේක අතුරු හමුදාවක්. මේ අතුරු හමුදාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබුණා. ඒ නිසා එම සමාගම සතුව තිබුණ ව්‍යාපාර කටයුතු නාවික හමුදාවට බාරදුන්නා. මේ සමාගමේ හමුදාවෙන් විශ්‍රාම ගිය මේජර් ජනරල්ලා, නාවික හමුදාපතිලා සෙබලු සියල්ල ඉන්නවා. ඉතාම හොඳ පුහුණුවක් ලත් හමුදාවක්. එතකොට තිබෙන භයානකත්වය මොකක්ද? මේ සිදුවීම අල්ලගන්න බැරි වුනානම් මොකක්ද ඊළඟ වෙන්න පුළුවන්? ‘ නීතිඥ උපුල් කුමරප්පෙරුම…
Read Moreවිද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?
දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය ඇතුළේ රට ගොඩනැගීමට පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන දේශපාලන සංවාදය ගොඩනැගිලා තියනවා. ඒ සංවාදය ඇතුළේ බොරු පුද්ගල පම්පෝරි අභියෝගයට ලක්වෙලා තියනවා. ඒ සංවාදය ඇතුළේ රාජපක්ෂලා නං කුජීතම වෙලා ගිහිල්ලා. ඒ සමාජ සංවාදය විසින් ගොඩනගපු පීඩනය ඒ පුද්ගලයන්ට වගේ දේශපාලන පක්ෂවලටත් දැනෙන්න පටන් අරන්. ඒක නිසා රටේ රාළලා ගොඩනගපු මේ සමාජ සංවාදය සීරෝ නෑ. අඩුම ගානේ ඒක…
Read Moreජයග්‍රහණයේ මොහොත යනුම පරාජයේ මොහොතකි!
ජාතික ජන බලවේගය ගෝලීය (වසංගත) ධනවාදයට එරෙහිව විමුක්තිවාදී ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ නැත. පසු ජාතික ප්රාග්ධනය හා එහි විවිධ ආධිපත්‍යයන් පිළිබද පැහැදිළි අවබෝධයකින් තොරය. දෘෂ්ටිවාදී අරගලයක ඇති ප්‍රමුඛත්වය අවධාරණය කරන්නේ නැත. න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙලක් ලෙස සමාජවාදය පිළිබද සෘජු ප්රකාශනයක් නැත. මේ කිසිවක් මා ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු වන්නේ නැත. පසුගිය දා ලැබුණු ඇරයුම මත එකී සමුළුවට මා සහභාගි වූයේද ඉහත කිසිවක් ගැන කියනු අසන්නට නොවෙයි. එය එසේම විය. ඒවා නොකියා සිටින්නට ඔවුහු උපරිමයෙන් පරිස්සම් වී සිටියහ. එවැනි අරගලකාරී දේශපාලනයකට අවැසි උද්වේගය වෙනුවෙන් ජන අරගල වාම අක්ෂයක් තිබෙයි. වාමාංශය නාමයෙන් වන…
Read More