ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

Miss Grand Myanmar against the military government Mrs sri lanka

පසුගිය 03දා සවස නෙලු‍ම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි.  ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක් ලෙස හෙළා දුටු සංවිධායිකාවක් ඇයගේ ජයග්‍රහනයේ කිරුළ බලයෙන්ම උදුරා දෙවැනි තැන දිනු තරගකාරියට කිරුල පැළදවූයේය. පුෂ්පිකාද සිල්වා පළමුතැනට නොපැමිණයේ නම් දික්කසාද ප්‍රශ්ණයක් පැන නගින්නේ නැත. කැරොලින් ජූරි බලා සිට ඇත්තේ ඇය පරදිනු ඇතැයි සිතාය. පසුව ඔටුන්න ලබා ගැනිමට පොලීසි යෑමට ද සිදුවිය. ඒ සසිරිබර ශ්‍රී ලංකාවේය. එසේ නමුත් මිලිටරි කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගෙන දැනට…

Read More

මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර

Myanmar protests against military rule

තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games  නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම්  එකාධිපතියට එරෙහිව පිඩිත ජනයා විසින්  මුලින්ම පාවිච්චි කරන ලදී.  මෙම සංකේතය මගින්ද ප්‍රතිවිරුද්ධකම් පෑම විශ්වමය ස්වරූපයක් ලබා ගනී. අප කවුරුත් දන්නා පරිදි මියන්මාරය 1962 දෙකේ සිට 2010 දක්වා හමුදා පාලනයක් යටතේ පැවති රටක්. 1974 න් පසු ජෙනරාල් නේ වින් යටතේ හමුදාව විසින් පාලනය කරනු ලබන, සමාජවාදී රාජ්‍යයක් යැයි කියාගන්නා එක් පක්ෂයක් පමණක් පාලනය කරන රාජ්‍යක් ලෙස එකළ…

Read More

මියන්මාර මාධ්‍යවේදීන්ගේ සටනට AMCA සහාය පළ කරයි.

anti-democratic actions in myanmar

මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන්  තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural association) පවසා සිටියි. මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් මේ  බව සඳහන් කර ඇත.  මෙහි සභාපති උපුල් ජනක ජයසිංහ හා ලේකම් පැතුම්…

Read More

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

Democracy in Myanmar

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…

Read More

මියන්මාරය යලිත් හමුදාව අතට!

Myanmar returns to military rule aung san suu kyi

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන්ට අද (01) අලුයම දැනුම් දී ඇත. එමෙන්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් එහි අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්  ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරා ඇතැයිද වැඩි දුරටත් ඔවුන් දන්වා ඇත. අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල…

Read More