“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      

Ramzi Razik jihad Iccpr human rights in sri lanka

මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා  මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන සංස්ථාවන් සහ ආගමික සංස්ථාවන් යන දෙක තමයි විවේචනය කළේ. ඒ මොකද ඒ තීරු දෙක තමයි සමාජයට තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේශපාලන සංස්ථාවට සහ පූජක සංස්ථාවට මම කෙලින්ම මගේ පෝස්ට් තුළින් අභියෝග කරලා තියෙනවා. මේ නිසාම මා ගැන කලින්ම සමාජය තුළ යම් මතයක් තිබුණා සම්මතයට මම පහර ගහන කෙනෙක් හැටියට. ඇත්ත වශයෙන්ම මාව අත්තඩංගුවට…

Read More

මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රැඩිකලීකරණ නීති එපා! – NPC

Democracy and freedom of speech burqa ban in sri lanka

මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රජයේ පුළුල් නීති නැවත සලකා බලන්න යැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය රජයට පවසා ඇත. කොවිඩ් විසින් ජනනය කරන ලද ආර්ථික පසුබෑම, පාස්කු බෝම්බ හෙලීමේ විමර්ශනය, සීනි බදු වංචාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඉතා සූක්ෂම ලෙස විසඳිය යුතු බවද ඔවුන් කියා සිටියි. අභ්‍යන්තර හා බාහිර බලපෑම් හේතුවෙන් රට තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙන බවත්  එය සමාජය තුළ අපේක්ෂා භංගත්වයේ මට්ටම ඉහළ නංවන බවද පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය පවසන්නේ සියලු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්හී ජනතාව එක්සත්…

Read More

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න - අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය ප්‍රශ්න කළ හැකිය. එම මතයට එරෙහිව අදහස් පළ කළ හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි. රටේ පවතින නීතිය ධනපති නීතිය ලෙස සඳහන් කරමින් තමන් එය පිළිනොගන්නා බව මාක්ස්වාදීන් ඕනෑතරම් ප්‍රකාශ කර තිබේ. බෞද්ධ භික්ෂූන් හා ඇතැම් බෞද්ධයන් පවා ‘බෞද්ධ නීතියක්’ ගැන කතා කළ අවස්ථා…

Read More

අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

Asad Sali Rear Admiral Sarath Weerasekara Asath sali arrest

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි. එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්…

Read More

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

Kamal Gunaratne Religious extremists in sri lanka

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බවය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකි බවය. එසේම සාධාරණීකරණය…

Read More

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

Arrest azath salley and produce him in court National Freedom Front

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මුසාම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරු ඊයේ (13) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු…

Read More

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

Extremist statements Asad Sali Rear Admiral Sarath Weerasekara

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ෂරියා නීතීය අනුව ඔහු කටයුතු කරනවානම් ඔහුට ලංකාවේ සිටිය නොහැකි බවත් එසේනම් ඔහු සවුදි අරාබියට යා යුතුව ඇතැයිද ලංකාවේ සිටිනවානම් හැමෝම ලංකාවේ නීතිය අනුව කටයුතු කළ යුතු බවද ඔහු පවසයි. හැමෝම ලංකාවේ නීතියට ගරු කරන විට ඔහු පමණක් ෂරියා නීතිය ගැන කථා නොකළ යුතු බවත් ඒ නිසා ඔහුගෙන් මේ පිලිබඳ විමසා අවශ්‍ය නීතිමය කටයුතු කරන බවද…

Read More

SLBC මුස්ලිම් සේවය වහබ්වාදය ප්‍රචාරය කරනවා – ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක්.

Galagoda Aththe Gnanasara slbc chairman

වහබ්වාදී ඇතුලු උන්මතක ඉස්ලාමීය මත මෙරට ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කරන ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කරන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කර සිටියි. ජාතික ගුවන් විදුලිය පාවිච්චි කර වසර අටක පමණ කාලයක සිට මෙරට ජාතීන් අතර ඇති සංහිඳියාව බිඳිමින්, ගොඩනඟමින් ඇති ඉතා දරුණු අන්තවාදී මත සමාජගත කරමින් තිබු අතර පාස්කු ප්‍රහාරයේදී ඔප්පු කර පෙන්වුයේ ඉස්ලාමීය උන්මන්තක කල්ලි මෙරට වර්ධනය වෙමින් පවතින බවත්, එය  මෙරට සියලු දෙනා විවාදයකින් තොරව පිළිගත් බවද  උන් වහන්සේ පවසයි. මේ සම්බන්ධයෙන් අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…

Read More