මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න - අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය ප්‍රශ්න කළ හැකිය. එම මතයට එරෙහිව අදහස් පළ කළ හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි. රටේ පවතින නීතිය ධනපති නීතිය ලෙස සඳහන් කරමින් තමන් එය පිළිනොගන්නා බව මාක්ස්වාදීන් ඕනෑතරම් ප්‍රකාශ කර තිබේ. බෞද්ධ භික්ෂූන් හා ඇතැම් බෞද්ධයන් පවා ‘බෞද්ධ නීතියක්’ ගැන කතා කළ අවස්ථා…

Read More

අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

Asad Sali Rear Admiral Sarath Weerasekara Asath sali arrest

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි. එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්…

Read More

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

Kamal Gunaratne Religious extremists in sri lanka

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බවය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකි බවය. එසේම සාධාරණීකරණය…

Read More

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

Arrest azath salley and produce him in court National Freedom Front

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මුසාම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරු ඊයේ (13) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු…

Read More

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

Extremist statements Asad Sali Rear Admiral Sarath Weerasekara

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ෂරියා නීතීය අනුව ඔහු කටයුතු කරනවානම් ඔහුට ලංකාවේ සිටිය නොහැකි බවත් එසේනම් ඔහු සවුදි අරාබියට යා යුතුව ඇතැයිද ලංකාවේ සිටිනවානම් හැමෝම ලංකාවේ නීතිය අනුව කටයුතු කළ යුතු බවද ඔහු පවසයි. හැමෝම ලංකාවේ නීතියට ගරු කරන විට ඔහු පමණක් ෂරියා නීතිය ගැන කථා නොකළ යුතු බවත් ඒ නිසා ඔහුගෙන් මේ පිලිබඳ විමසා අවශ්‍ය නීතිමය කටයුතු කරන බවද…

Read More

මුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …

issue of burying Muslim bodies

කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…

Read More

ලංකාවේ මුස්ලිම් සිරුරු පිලිස්සීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතා!

Protests in London against the burning of Muslim bodies

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහ ලත් කුමන්ත්‍රණයක් දැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ පැවති විරෝධතාවකදී ප්‍රශ්න කරනු ලැබිණි. බලහත්කාර ආදාහනයට එරෙහිව මුස්ලිම් ඩයස්පෝරාව විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවට පැමිණි උද්ඝෝෂකයෝ සිංහල, දෙමළ හා ඉංග්‍රීසියෙන් ලියවුනු සටන් පාඨ පුවරු ඔසොවා ගෙන සිටියහ. සිංහලෙන් උද්ඝෝෂකයන් ඇමතූ නීතිවේදිනී සරීනා අබ්දුල් අසීස් ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍ය ආයතනද දැඩි විවේචනයට ලක් කළාය. ක්‍රිස්තු භක්තිකයන්ටද වේදනාකාරී වන බලහත්කාර ආදාහනය නතර කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මැදිහත් නොවීම ගැනද විරෝධතා සභාවේදී කනගාටුව පලවිය.

Read More