මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

Three petitions against the Money Amendment Bill

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එහි හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන ඊ.කේ විතාන විසින් ඊයේ (26) එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. අගමැති  මහින්ද  රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස සිටියදී මේ මස 20 වැනිදා පාර්ලිමේන්තුවට…

Read More