මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           

Minister of State for Provincial Councils and Local Government Roshan Ranasinghe

පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම නිසා අසාර්ථකවීම් දැකිය හැකි යැයි ඊයේ (07) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය. සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අදහස් පළ කළ ඒ මහතා, වත්මන් රජය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් යැයි ද පැවසීය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා තම තමන්ගේ නියෝජිතයන්…

Read More

නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?

Urban Development Authority State Ministry of Provincial Councils and Local Government

මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කෙරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත්…

Read More

උත්සව සමයට ලබා දුන් “ක්ෂණික ණය” ඇස් බැන්ඳුමක්ද?

Government Instant Loan Scheme for Public Service

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය. මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබුණේ දෙසැම්බර් 15 දාය. කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම  සඳහා කැපවී කටයුතු කළ සෞඛ්‍ය,…

Read More

පොලිස් ඇමැතිගේ නව ප්‍රතිපත්තිය, යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්!

Rear Admiral Sarath Weerasekara Minister of Public Security

අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම  නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින් සමාජ සංවාදයකට ලක් කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කිරීමට යන ක්‍රියාව යුක්තිය පසිඳලීමට එල්ල කරන මරු පහරක් ලෙසින් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකගේ හෙලා දැකීමට ලක්වෙද්දී මාධ්‍ය හමුවක් පවත්වමින් අලුත් පියාපත් සංවිධානය පවසා තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර  මාධ්‍යයට නිකුත්  කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසිනි.…

Read More

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?

Photos of the suspects Rear Admiral Sarath Weerasekara

මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේය. ඒ තුලින්වත් ලැජ්ජාවක් හෝ බියක් ඇති වී මේ අපරාධ රැල්ල යම් ප්‍රමාණයකට හෝ නැවැත්විය හැකි බව ඔහු විශ්වාස කරන බවද එහිදී ප්‍රකාශ කර තිබුණි. යුක්තිය පසඳලීමට මරු පහරක්! නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙකු නිවැරදි බව නීතියේ සඳහන් කර තිබියදී…

Read More