තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

dalas

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත්  එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය. කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර…

Read More

TV ලොක්කෝ “රජයට ශක්තියක් වීමට” දැන්වීම් ඉල්ලති!

privateprivate media station in sri lanka

වසංගත සමයේ ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහල නැංවීම වෙනුවෙන් රජයේ දැන්වීම් දිගටම ලබා ගැනීමට දිවයිනේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රූපවාහිනී ආයතන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තුවෙන් සිටී. රජය දැන්වීම් ලබා දීම නවතා දැමුවොත් කෝවිඩ් 19 වසංගත තත්වය නිසා ගැටළු රැසකට මුහුණ පා සිටින තමන් දැඩි අර්බුදයකට මුහුණ පානු ඇතැයි රූපවාහිනී ආයතන කිහිපයක් එක්වී අලුතින් පිහිටුවාගෙන ඇති සංවිධානයක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ලියා යවා තිබේ. “කෝවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් මෙම තීරණාත්මක අවස්ථාවේ මෙරට ජනමාධ්‍ය සිදු කරන මෙහෙවර සුවිශේෂී බව අවිවාදිත” යැයි පුරාජේරුවක්ද ශ්‍රී…

Read More