සෞදියේ ශ්‍රී ලාංකික කතුන් ගෙන්වා ගැනීමට සුදානම්! – රජය

sri lankan migrant workers in saudi Ministry of labour

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රජය පවසයි. සෞදි අරාබියේ  රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සෞදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්  සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය…

Read More

වතු කම්කරු  වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!

Minister of Labour Nimal Siripala de Silva plantation companies

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු  (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත විය. ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත් මේ වන විට එම ගැසට්ටුව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදයක් මතුව ඇත. ඒ වතු සමාගම් නිසාය. මෙම වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව බල ශුන්‍ය කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කිරිම මෙම අර්බුදයට හේතු වී ඇත. ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුලු සමාගම් 20 ක් විසින් ගොනු කර…

Read More

වෘත්තිය සමිති වල පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතුයි!

Minister of Labour Nimal Siripala De Silva Women's Trade Unions

ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ. එම වසරේදී වෘත්තිය සමිති 132 ක් ලියාපදිංචි වී ඇති අතර ක්‍රියාත්මක වෘත්තිය සමිති 1903 ක් විය. නමුත් මේ වෘත්තිය සමිති තුල කාන්තාවන්ට ලැබී ඇති ඉඩ අල්පය. වෘත්තිය සමිති බොහෝමයක් පවතින්නේ පිරිමින් පෙරමුණුකොටගෙනය. නමුත් කාන්තාවන් මෙරට අගමැති තනතුරේ සිට කම්කරුවා දක්වාම නියෝජනය වෙයි. නමුත් ඇයට වෘත්තිය සමිති වල පමණක් ලැබී ඇත්තේ ඉතාම සුලු නියෝජනයක් පමණක් වන්නේය. කම්කරු…

Read More

වතු කම්කරුවන්ගේ සටන ජයගනියි!

struggle of the plantation workers wins

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම  පසුගිය වසර පහක කාලය තුළදී  ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…

Read More

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී

sri lankan migrant workers in india EPF ETF

ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්  ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ  අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව  ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…

Read More

පෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට

Amendment of the Industrial Disputes Act

කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතද වේ. පෞද්ගලික අංශයේ යම් සේවකයෙකුගේ සේවය අවසන් කෙරෙන්නේ මෙම පනත අනුවය. නමුත් මේ පනත මෙතෙක් කිසිඳු සම්මුතියකට යටත්ව තිබුණේ නැත. ඒ පිලිබඳ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කියා තිබුණේ මෙසේය. මෙම පනතට පූර්වප්‍රාප්තිය වන්නේ කාර්මික ආරවුල් වලක්වා ගැනීම, විමර්ශනය සහ විසඳීම සඳහා බවය. කර්මාන්තයේ ආරවුල්වල “අවසන් කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ…

Read More

බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!

An international campaign is launched on behalf of Biyagama Ansell workers

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා  නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…

Read More

කම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?

Does a worker not have insurance compensation and funding

වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර  ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින  රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින්  නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය  රක්ෂණ ක්‍රමයක්, ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතා පවසයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට  සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක  රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා  එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල…

Read More

වතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!

Negotiations with government-employers to raise plantation workers' wages to 1,000 fail

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය කර තිබුණි. ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා  කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු  සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා…

Read More

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට

child labor laws in sri lanka

මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීමට මෙම පනත් හතර  සංශෝධනයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්‍රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන සිදු කරනු ලබයි. ඒ අනුව 1954 අංක 19…

Read More