“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

CID influences witnesses in Hijaz Hezbollah case

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!

Investigations into the Easter attack sarath weerasekara

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය  සරත් වීරසේකර මහතා පවසයි. මීට වසර 12ට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මෙම රජය, ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පවසයි. 2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂම…

Read More

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!

national song of sri lanka

දෙවැනි රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන දෙවැනි රාජ්‍ය නිදහස් දින සමරු උළෙලේදී ද ජාතික ගීය ගයන්නේ  සිංහලෙන් පමණක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ. “ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපමණයි.” ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ද වන ජෙනරාල් කමල් ගුණරත්න ඒ බව තහවුරු කළේ මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරන්නේදැයි පෙබරවාරි 1 සඳුදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමිනි. 2015 වසරේ ජනවාරි 8 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ…

Read More

අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර

Fifteen policemen have died on duty in the last five years Rear Admiral Sarath Weerasekara

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී  ගත වූ වසර පහ තුළ පොලිස් නිලධාරීන් පහලොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි වූයේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා හාරමාසයක කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සංඛ්‍යාව අටක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර තිබියදීය. අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 ක් බව අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ දෙසැම්බර් 4 සිකුරාදා පාර්ලිමේන්තුවේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More