සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

welikada

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ  ආරම්භ කළ  විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය. GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ   අපේක්ෂාව…

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත. මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්‍ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ  මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය. බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන…

Read More