පෞද්ගලික අංශයේ අනතුරු වන්දිය ‘ලක්ෂ 20 දක්වා ඉහලට’

Private Sector Accident Compensation Nimal Siripala de Silva

රාජකාරියේ නිරතව  සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන  වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්වයට  පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීමට  කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව වැඩබිම් අනතුරකදී සිදුවූ මරණයකදී මෙතෙක් ගෙවූ රුපියල් 550,000 ක් වූ මුදල රුපියල් 2,000,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනෙන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. රජය පවසන පරිදි…

Read More

බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ…

Read More

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!

nimal siripala de silva industriall global union

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට  ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ වෘත්තීය සමිති මර්දනය පිළිබඳවයි. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥ්නප්ති උල්ලංඝනයක් බවද ජාත්‍යන්තර සමිතිය පෙන්වා දී තිබේ. මේ කම්කරු ආරවුලට මැදිහත් වී විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරමින්…

Read More

සේවයේ යෙදීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළට – කම්කරු ඇමති කියයි.

Minimum age of employment up to 18 years Minister of Labor

දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය,ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා  ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග  පිළිබඳ සාකච්ඡාවේදීය. මෙහිදී ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ…

Read More

සෞදියේ ශ්‍රී ලාංකික කතුන් ගෙන්වා ගැනීමට සුදානම්! – රජය

sri lankan migrant workers in saudi Ministry of labour

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රජය පවසයි. සෞදි අරාබියේ  රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සෞදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්  සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය…

Read More

වතු කම්කරු  වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!

Minister of Labour Nimal Siripala de Silva plantation companies

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු  (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත විය. ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත් මේ වන විට එම ගැසට්ටුව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදයක් මතුව ඇත. ඒ වතු සමාගම් නිසාය. මෙම වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව බල ශුන්‍ය කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කිරිම මෙම අර්බුදයට හේතු වී ඇත. ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුලු සමාගම් 20 ක් විසින් ගොනු කර…

Read More

වෘත්තිය සමිති වල පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතුයි!

Minister of Labour Nimal Siripala De Silva Women's Trade Unions

ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ. එම වසරේදී වෘත්තිය සමිති 132 ක් ලියාපදිංචි වී ඇති අතර ක්‍රියාත්මක වෘත්තිය සමිති 1903 ක් විය. නමුත් මේ වෘත්තිය සමිති තුල කාන්තාවන්ට ලැබී ඇති ඉඩ අල්පය. වෘත්තිය සමිති බොහෝමයක් පවතින්නේ පිරිමින් පෙරමුණුකොටගෙනය. නමුත් කාන්තාවන් මෙරට අගමැති තනතුරේ සිට කම්කරුවා දක්වාම නියෝජනය වෙයි. නමුත් ඇයට වෘත්තිය සමිති වල පමණක් ලැබී ඇත්තේ ඉතාම සුලු නියෝජනයක් පමණක් වන්නේය. කම්කරු…

Read More

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී

sri lankan migrant workers in india EPF ETF

ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්  ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ  අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව  ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…

Read More

බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!

An international campaign is launched on behalf of Biyagama Ansell workers

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා  නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…

Read More