එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය

covid vaccine sri lanka Government keheliya rambukwella

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික සඳහා  ප්‍රමුඛතාවක් හිමිවන බව අද (09)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් ලබා ගැනීම සඳහා රජයට මුදල් නැතැයි ඇතැම් පාර්ශව නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි එන්නත් ලබාදීමට…

Read More

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?

Nalaka Kaluwewa Director General of the Department Government Information

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදීය. නාලක කලුවැව මහතා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පළමු (i) පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වසර 10ක පමණ කාලයක් විවිධ තනතුරු දරා ඇති අත්දැකීම් සහිත නිලධාරියෙකි. ඔහු පසුගිය රජය සමයේදී වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කෙරුණි. පසුව 2020 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරේ ස්ථිර කෙරුනේ වත්මන් රජය…

Read More

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

institution of higher education for journalists

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ ක්‍රමවේදයක් නැත. මේ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනා පුද්ගලික මුදල් ගෙවා ජනමාධ්‍ය පාසල් වල හෝ විශ්ව විද්‍යාල වල පවතින ජනමාධ්‍ය පාඨමාලා හදාරනු ලබයි. නමුත් මේ කිසිවෙක් අධ්‍යාපනය නොලද අයද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටියි. සරලව පැවසුවහොත් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයින් නිසා මේ ක්ෂේත්‍රය ජඩ මාධ්‍ය ක්ෂේත්‍රයක් වෙමින් ඇත. මේ පිලිබඳ…

Read More

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

Sri Lanka Easter Sunday Attacks Keheliya Rambukwella Ashoka Abeysinghe

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම් සදහන් කරමින් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කළ ප්‍රකාශය තහවුරු කළ හැකි සාක්ෂි නොපමාව ඉදිරිපත් කොට සැඟවුණු සත්‍ය සොයා ගැනීමට උපකාර කළ යුතු යැයි ඊයේ (11) කුණ්ඩසාලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.…

Read More

වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි අද (07) මහනුවර සිරිමල්වත්තේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේය. කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂ 18 ප්‍රතිපාදන මත ඉදිකරන ලද සේවා පියස සහ බහු කාර්ය ගොඩනැගිල්ල මහජන අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකට දින වෙන් කර ඇතැයි…

Read More

ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට  ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය. එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන…

Read More

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය

සිසුන් කිහිප දෙනකු  සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක  නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ්  19 වෛරසය  ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත. එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 කට පාසලේ සංග‍්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය…

Read More

සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති

Keheliya Rambukwella Media and Information Minister

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පවසා තිබූ බව මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. අමාත්‍යවරයා පවසා තිබුනේ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළ යුතුයි කියලා අපේ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණපොතවල් වල සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපි අමාත්‍යාංශය…

Read More