ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් ඉල්ලා රජරට කාන්තාවෝ අඛණ්ඩ උපවාසයක

Women on hunger strike demanding solutions to microfinance crisis

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලෙන් මෙරට කාන්තාවන්ගෙන් 24 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ජීවන අරගලයෙන් පළා යමින් සිටින බවත් ගැති බවින් තොර සමාජයක් උදෙසා කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්තාපිත කිරීම ඇතුලු  ඉල්ලීම් පහක් ඉ‍ටුවනතුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ සංවිධානය පවසයි. එහි පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිනි ප්‍රියන්තිකා කුමාරී මහත්මිය ඇතුළු ගැමි ගොවි කාන්තාවන් 06 දෙනෙකු ඊයේ (08) සවස හිගුරක්ගොඩ පැරණි රජවරුන්ගේ ස්මාරක අභියස දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹමින් මේ බව කීවා ය. හිගුරක්ගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ සිට මහසෙන් පුරාණ රජවරුන්ගේ ස්මාරක පිහිටි භූමිය…

Read More

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!

Women are being sexually abused because of “micro finance loans”

විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත් වලින්. මුලතිව් වගේ කලාපවල යුද්ධයෙන් අනාථභාවයට පත් වැන්දඹු කාන්තාවන් මේවා ගෙවාගන්නට බැරි වුණාම එන ලිංගික අඩත්තේටම්වලට, ලිංගික හිංසනයට ලක්වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් නිසා එන පීඩනය දරාගන්නට බැරුව සමහර කාන්තාවන් සියදිවි හානිකරගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රිකය අස්සේ මේ ණය ක්‍රමය දැන් හඳුන්වන්නේ ඇඳ ණය කියලා. ඒකෙන් හැඟවෙනවා මේ ව්‍යසනය දැන් සමාජය මත තිබෙන්නේ කුමනාකාර මට්ටමකද කියලා.…

Read More