කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙන අතර ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක්…
Read MoreTag: Mangala Samaraweera
අයිසින් කාලා කේක් හොඳයි කීම..!
බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්රජාතන්ත්රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත් අපිට පේන්නේ වෙනස්ම දේවල්වල එකතුවක්. සමහර වෙලාවට ඒ දේවල් ගැන හිතනකොට, මිනිස්සු මෙහෙම ලේබල් කරන්නේ කොහොමද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මුලින්ම මංගල සමරවීර ගැන ටිකක් ලියන්න හිතුනා. අයිසින් එක ගැන වගේම කේක් එක ගැන.. මංගල ගම්මු ඔහු 1994 වෙනසට වැඩ කරපු කොලුගැටයෙක්. (ඛේමාගේ කොලුවා) තාත්තගෙන් පුතාට ආපු දේශපාලනයක් එතන තිබුණා. සූරිය කන්ද මිනීවළ හරන්න…
Read Moreඅපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර
”පසුගියදා මහර හිරගෙදරදී තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා. ඒ වෙලාවේ හිරගෙදර ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු. ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා. මේ රටේ ත්රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව රාජ්‍ය ත්රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා. අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්. එදා…
Read More