රට පාලනයට ජාතික සභාවක්..!

A national council to govern the country gotabaya rajapaksa slfp

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත. මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.

Read More

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

Maithripala Sirisena Polonnaruwa Kidney Hospital

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. “මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ නෑ. එක තැනක කතා වෙලා තියෙනවා මේ රෝහල සුදු අලියෙක් විදියට තියෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අද මේ රෝහලේ එකසැරේ ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිරිසිදු කිරීම් 100ක් තියනවා. අද රෝගීන් 22කට විතරයි කරන්නේ.” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සදහන් කර ඇත්තේ සති අන්තයේ  පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය…

Read More

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

Maithripala Sirisena imf loan sri lanka

“IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ? වගේ ඒවා. දැන් අපි දකිනවානෙ සියලු නඩුවලින් සැකකරුවන්  නිදොස්කොට නිදහස් කරනා.  ඕවා තමයි IMF බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා. කවුද අපිව බේරාගන්න එන්නේ ? අද අපි ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. වංචාව, දූෂණය, නාස්තිය, සහ බලය අයතු ලෙස පාවිච්චියට ගැනීම මේ කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න බෑ. අපි වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්…

Read More

ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි

SLFP is preparing to take a seat in the opposition

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් ‘අයිතිය’ වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින් සුබ බවත්, පොදුජන පෙරමුණ තම පක්ෂයට කරනු ලබන කෙනෙහිලිකම් නිසා තම පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා අවස්ථාව ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. මේ පිළිබඳව පසුගිය දා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළේ දැයි ‘අයිතිය’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සාකච්ඡා කළා පමණක් නොව තීන්දුවක්ද ගත් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ…

Read More

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ තේමාව යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ගොවීන්ගේ පොහොර ගැටලුව නිසා සමස්ත ගොවිජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි. මාධ්‍යවේදීන්: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් තුමාටත් ඔබතුමාටත්…

Read More