ගෑස් තවත් වැඩි වෙයි?

Gas prices may rise further Lasantha Alagiyawanna, State Minister of Consumer Protection

ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.

Read More

පොළොන්නරුව කොවිඩ් මධ්‍යස්ථාන වලට දැඩි සත්කාර ඇඳන් නැහැ – පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන්

ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ මොහොතේ සිට වැඩිම රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එකම රෝහලකවත් කොරෝනා රෝගීන් සදහා දැඩි සත්කාර ඇඳන් එකක්වත් නැති බවත් දිනපතා රෝගීන් 2000ක් පමණ බලා ගන්නා පොලොන්නරුවට දැඩි සත්කාර ඇඳන් පහසුකම ලබා දීමට වහාම කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් හා සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලා සිටින බව ජාතික සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතය මුලින් ම ලංකාවට එනකොට වැලිකන්ද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරලා රෝගී සත්කාරක සේවා ආරම්භ කරමින්  පොලොන්නරුවේ ජනතාව හා සෞඛ්‍ය අංශ ඒ අභියෝගය භාර…

Read More