විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට විශේෂ කැපකිරීම් කිරීමට සිදුව ඇති බවය. විශේෂයෙන්ම වසංගතය නොතකා සේවයට පැමිණීමට, ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානමක් ගැනීමටද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව  ලෙස  රුපියල්  7500 බැගින් පසුගිය මාස තුන සදහා ලැබුන බව සදහන්…

Read More

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය හමුමේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ  වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන  මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රටේ  ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂා වුනොත් පමණක් බවත් මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියන වලින් මැනිය නොහැකි බවද ඒ් මහතා පවසයි. අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුවේ  පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම නොතේරෙන අතර ඔවුන්  මිනිස් ජීවිත වලට  ලංසු තියමින් සිටින බවද ඔහු කියා…

Read More

PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්

ravi

රට ලොක්ඩවුන් කළාට පසු එය විද්‍යාත්මකව ප්‍රතිඵල ලැබීමට නම් අප රජයට යෝජනා කර සිටියේ මේ කාලය තුල සිදුකරන PCR පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු යැයි කියා සිටිය නමුත් කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා සහ නව සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ දක්වන අදහස් පරස්පර බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. හමුදාපතිවරයාගේ අදහස අනුව මේ පරික්ෂණ සිදු කරන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැනි පිරිසක් බවත් වහාම එය නිවැරදි කර ගන්නා ලෙස සඳහන් කරන රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ නිදර්ශක ලබා ගැනීම සහා පරීක්ෂණ සිදු කිරිම යනු කාරණා දෙකක්…

Read More

“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට ආසන්න ඇමරිකානු හමුදා ගුවන් යානයකට රොතු බුරුතු පිටින් ඇෆ්ගනිස්ථානයෙන් පැන යන්නට දඟලන ඇෆ්ගන් වැසියන් ගොඩවීම අද විදෙස් මාධ්‍යවල ජනප්‍රියම පුවත විය. එම මාධ්‍ය වාර්තා අතර ඉහළ අහසින් පියාඹා පොළවට පතිතවෙන ඇෆ්ගන් වැසියන් දෙදෙනෙක් ගැන ද අසන්නට දකින්නට ලැබෙයි. මේ සිදුවීම නැරඹූ මම කල්පනා කළේ ඉහළ අහසේ පියාසරන්නට නියමිත ගුවන් යානයක බදේ එල්ලී මේ මිනිසුන් මේ කෙළින පිස්සුව කුමද්ද කියා ය. දුටු පළමු මොහොතේ එය සිතාගන්නටවත් අමාරු සිදුවීමක් වනු ඇත..!. එහෙත් මිනිස්සු මේ මරණයට අභියෝග කරන්නේ ඉස්සරහට එන්නට නියමිත තලෙයිබාන් පාලනයක් ඇතුලේ ජීවත්වෙනවාට වඩා මරණය…

Read More