අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය

ceylon teachers union School education Covid situation

කොරෝනා වසංගත තත්වය හමුවේ  පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක්  සිසුන්ට අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින්  රජයට  චෝදනා එල්ල කර තිබේ. කොව්ඩි 19 වසංගත තත්වය මත 2020 මාර්තු මස 13 දින වසා දැමුණු ලංකාවේ පාසල් පද්ධතිය මේ වන විට සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ කර  ඇත. ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ 2020 දෙසැම්බර් 31 දිනැති  අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛයක  සඳහන් පරිදි 2021 වසරේ පාසල් වාර සටහනට අනුව පාසල් පැවැත්විය යුතු දින ගණන දින 183 ක් බවයි. 1997.08.08 දිනැති 97/15 දරණ චක‍්‍රලේඛයට අනුව වසරකට  ලංකාවේ…

Read More

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! - ලංකා ගුරු සංගමය

මේ වන විට ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරි ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරඟ…

Read More

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

Ceylon Teachers Union pasdunrata faculty of science

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බැවින් මෙම විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු වහා ආරම්භ කිරීමට පියවර ගත යුතු බව  ලංකා ගුරු සංගමයේ පධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. එමෙන්ම පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමේ සැලැස්මට ලංකා ගුරු සංගමය විරෝධය පළකරන බවද ඔහු කියා සිටියි. පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මාරි මියුසියස් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද අක්කර…

Read More

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය

සිසුන් කිහිප දෙනකු  සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක  නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ්  19 වෛරසය  ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත. එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 කට පාසලේ සංග‍්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය…

Read More

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්

online education in sri lanka Ceylon Teachers Union

රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස? ආණ්ඩුව පාසල් පටන් ගත්තේ යම්කිසි සැලැස්මක් අනුව වැඩ කරනවා කියලා. නමුත් අපිට එහෙම සැලැස්මක් පේන්න නැහැ. විශේෂයෙන්ම පාසල්වල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් 2021 අවුරුද්දට කිසිදු මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා නැහැ. රජයේ ප්‍රධාන වගකීමක් තමයි සනීපාරක්ෂක ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. මේ කොවිඩ් රෝග ව්‍යාප්තිය පාසල් පද්ධතිය තුළ ඇති නොවේ කියන සහතිකය ඇති කරන්න රජය කිසිම කටයුත්තක් කරල නැහැ. අපි…

Read More

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

The government has forgotten to give uniforms and shoes to school children

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. දෙවන පාසල් වාරය ආරම්භවී දින 15 ක පමණ කාලයක් ගත වී ඇතත් පාසල් නිල ඇදුම් හෝ වව්චරය තවම ලබාදී නැති බව පැවසූ ඒ මහතා කඩිනමින් එම කටයුත්ත සිදුකළ යුතු බව පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා. කොරෝනා වසංගතය එක්ක බහුතරයක් දෙමාපියන් දැඩි ආර්ථික අපහසුවකට පත්වෙලා ඉන්න…

Read More

නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය

dangerous to camp school children for 15 days for Independence Day celebrations! - Ceylon Teachers Union

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැනි විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින පුද්ගලයින්ට පවා කොවිඩ් ආසාදනය වුයේ නම් පාසල් දරුවන් එකවර නිරාවරණය වීම බරපතල ගැටළු  සහගත තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියා සිටියි. පාසල් ළමයි තුල කොවිඩ් ප්‍රවණතාවය වැඩි වීමක් දකින බවත් මේ  කියා සිටින්නේ පාසල් වහන්න කියාවත් අරින්න කියාවත් නොවන බවද ඒ මහතා කියා සිටින්නේ බස්නාහිර පළාතේ සාමාන්‍යපෙළ දරුවන්ට පාසල් ඇරීමේදී මේ සියලු දේවල් සැලකිල්ලට ගෙන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ගැඹුරින් ක්‍රියා කළ යුතු බවය. මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පාසල් පද්ධතිය තුල…

Read More

දුරකථන සමාගම් වල පම්පෝරිය පේනවා Online ඉගෙන ගන්න ලමයි කඳු උඩ නගිද්දී : ජෝසප් ස්ටර්ලීන් – ලංකා ගුරු සංගමයේ ලේකම්

Read More

පිල්ලෙයාන් විසින් දේශපාලනයට දරුවන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි!

Pillayan's use of children in politics

ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇප පිට නිදහස්ව ඉන්නා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසු සිසුවියන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දිවයිනේ මුල් පෙලේ ගුරු සංගමයක් ඉල්ලා සිටී. කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිළ ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන සිවනේසතුරෙ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කොට ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයන්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇති සේම කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර ක්‍රියාවකට…

Read More