රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

c d wickramaratne police torture

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි. වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු…

Read More

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

Police duties and media shows covid situation

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

national police commission C D Wickramaratne IGP

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ. තාරක ධර්මකීර්ති…

Read More

පොලිස්පතිගේ නොසැලකිල්ල නිසා මහර ගැටුම ඇති වුවාද?

C. D. Wickramaratne Conflict at Mahara Prison

බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 කි. ඒ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති.  මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500…

Read More

35 වැනි පොලිස්පති ස්වාධීනද?

C.D. Wickramaratne 35th IGP in sri lanka

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර ලංකාවේ විවිධ පළාත්වල සේවය කර තිබේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ බී.එස්.සී උපාධිය සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ එම්.එස්.සී උපාධිධාරියෙකි. ඔහු පොලිස් සේවය වෙත බැඳී ඇත්තේ ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරියකු මෙන්ම විශේෂයෙන්ම බුද්ධි නිලධාරියකු ලෙසය. මොහු වරින් වර වැඩ බලන පොලිස්පති තනතුරේ 13 වතාවක් රාජකාරි කළ අයෙකි. ශ්‍රී ලංකා පොලීසිය ව්‍යවස්ථාපිත…

Read More

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශන වාර්තාව ප්‍රමාදයි!

brandix covid cluster

මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය 27 දාය. ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත  පවරන ලදි. නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන…

Read More