ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…
Read MoreTag: india
රාවණා හොයපු අපිට රාමා මුණගැසීම…
මතකද ඒ කාලේ අපි රාවණා හෙව්වා? ගොඩක් තාප්පවල රාවණා ඇන්ද? රාවණා ගුහාව හොයන් ගියා? පුරාවිද්‍යා සාධක හෙව්වා? කතිකාවක් නිර්මාණය කළා? බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්. හැබැයි මතකය අවදිකළොත් මතක් වෙයි අපිට ඕනි උණා විජයට කළින් පැවති ඉතිහාසයක් ට්‍රේස් කරන්න කියල. අපි යක්ඛ පැවැත්මක් නැවත සොයායන්න හීන මැවූව කියල. ඉතින් අපි රාවණා හොයාන ගියා. ඒ වීර කාව්‍යමය ඉතිහාසය නැවත අපිට ගෙනත් දෙන්න අපි දේශපාලන වැඩ පිළිවෙලක් දියත් කළා. ඒක තමයි සර්ගේ දේශපාලන වැඩ පිළිවෙලේ ‘ස්වදේශික මදය’ (indigenous core) හැටියට තිබ්බේ. ඒ නිසයි ඒක චිත්‍ර…
Read Moreලං.වී.ම සභාපති අයින් වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද ඉන් පුරප්පාඩු වන විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයට එහි උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිත බව පවසයි. විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවිය. පසුව කෝප් කමිටුවේ දී තමා කළ පැහැදිලි කිරීමේ දී පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ…
Read Moreරාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
කොංග්රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ “BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති” බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම් සම්බන්ධයෙන් මෝදි ආන්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ සිකුරාදා (10 ) කෝප් කමිටු ඉදිරියේ පවසා සිටියේ මන්නාරම් සුලං බල ව්‍යාපෘතිය ගෞතම් අදානිගේ කණ්ඩායමට ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට පැවසූ බවයි. නමුත් පසුව ඔහු එම කතාව ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළේ තමන්…
Read Moreමගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්
නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත. අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන් ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කර ඇති අතර විනාඩි 15 කට පමණ පසු ගුවන් තොටුපොල පාලක මැදිරිය සමග සම්බන්ධය විසන්ධි වූ බව බලධාරීහු ප්‍රකාශ කළහ. ඉන්දියානුවන් 4 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 13 ක් ,ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු, කාර්ය මණඩල සාමාජිකයන් තිදෙනෙකු ද ගුවන් යානයේ සිට ඇතැයි වාර්තා වේ.
Read Moreහිජාබයට සටන් වඳින මලාලා
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ වන විට ඔවුන් සති ගානක් මුළුල්ලේ කර්ණාටක ප්‍රාන්තයේ විරෝධතා පවත්වමින්, එම විද්‍යාලයේ හිජාබ් තහනම් කිරීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු කරගෙන ඇත. ‘ඉන්දීය නායකයින් මුස්ලිම් කාන්තාවන් කොන් කිරීම නැවැත්විය යුතුයි’ යන්න මලාලාගේ සටන් පාඨය වී ඇත. මේ විරෝධතා ව්‍යාපාර නිසා එරට ආගමික කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. තවද හිජාබය තහනම්…
Read More