දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…
Read MoreTag: imf loan sri lanka
රනිල්ගේ ජනපති සිහිනයට පාර කාපට් කර ඇත..!
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේකොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත්‘උකුණු පුකක‘ මොළයක් තිබුණේ නෑ. මිනිහට ඕනෑ වුණේ මස් රාත්තලම එකවර ඔඩොක්කුවට දාගන්න. මේ වෙලාවේ කවුරුඅගමැති වුණත් පාර්ලිමේන්තුව ඔහුට සහාය දෙන්න ඕනෑ අනිවාර්යයෙන් කියන එක, සජිත්ගේ ටිකිරි මොළයට තේරුණේ නෑ. එහෙමනැත්තං සජිත් ප්‍රේමදාසගේ මවාණෝ තිරුනඩේසන්ගෙ ගෙදර ගිහිං ගත්ත උපදෙස්වල…
Read More“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.
මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි නොතබන රජයක් පත් වනතුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වත් ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන ලෙසයි. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. මම යාපනයේ සිට ලියන්නේ, හින්දුස්ථාන් ටයිම්ස් විසින් විස්තර කරන ලද (ගෞරවනීය ඉන්දියානු පුවත්පතක් යැයි මම විශ්වාස කරන පරිදි) අපගේ බිහිසුණු රජයට ඇප දීමට උත්සාහ කිරීම ගැන IMF සහ ඉන්දීය රජය කෙරෙහි කලකිරීමෙන් සහ කනස්සල්ලෙනි. ආණ්ඩුවේ වැරැදි…
Read MoreIMF ගැන බලන්න මුදල් ඇමති වොෂින්ටනයට..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඇතුළත් වේ. ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා ලබන සඳුදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු…
Read Moreස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ආරම්භ වුණි. එම සාකච්ඡාවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද කරනු 11 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම යෝජනාවලිය සඳහා ජනාධිපතිවරයා විසින් සංශෝධන කිහිපයක්ද ඉදිරිපත් ඇති බව වාර්තා වේ. රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් ව ඇති…
Read Moreමිලියනයක ජන ගඟක් කොළඹට
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය. කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයක් හෝ මඟපෙන්වීමකින් තොරව ජනතාව විසින්ම සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය කැඳවීම මෙහි ඇති විශේෂත්වයයි.
Read Moreඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…
Read Moreඅර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම පත් කිරීම් සිදුකළ බවයි.
Read Moreබැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි
පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, සංචාරක ආදායම් අහිමි වීම සහ කොරෝනා වසංගතය නිසා රට වසා දැමීම වැනි හේතු නිසා මෙම ආර්ථික අර්බූදය උස්සන්න වී ඇත. එම වාර්තාව සඳහන් කරන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිඟයකට පත්වී ඇති බවයි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119…
Read More