ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

How to build a non-violent police force

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉතිරියට වගකිව යුතු ප්‍රධාන ආයතනයයි. එයට අමතරව පොලිසිය විසින් සැකකරුවන් වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම් රැසක් ද 2020දී වාර්තා විය. සාමකාමී මහජන උද්ඝෝෂණවලට බාධාකිරීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා හිංසනයට පත්කිරීම් ද රැසක් වාර්තා විය. ජුනි මාසයේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…

Read More

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

Human Rights Commission Of Sri Lanka maternity leave

අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12 සිකුරාදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය , වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන ඒකාබද්ධවය. ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව 2020 සැප්තැම්බර් 7 දින කරන ලද පැමිණිල්ලට අදාළ විභාගය අද  දිනයේ මානව හිමිකම් කොමිසමේදී පැවැත්වු බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සදහන් කරයි. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නියෝජනය කරමින් ඒකාබද්ධ…

Read More

වයිරසයෙන් මළ අයගේ පරීක්ෂණ රාගම රෝහලේ බෑ!

Statement of the Human Rights Commission regarding the autopsy at the Ragama Hospital

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ. මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය සම්බන්ධ විභාගයක් කෙරෙද්දී ඔවුන්ගේ සිරුරු විනාශ නොකරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් රාගම දකුණු කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් ෂෙල්ටන් පෙරේරා වෙත ලියා ඇති ලිපියකිනි. කොමිසම එම ලිපිය ලියා ඇත්තේ මහර බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් 11 දෙනකු අතරින් නම දෙනකු කෝවිඩ් ආසාධිත බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ඥාතීන් සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන්…

Read More

“මහර ගැටුමින් පසු සැමියා ගැන කිසිඳු තොරතුරක් නෑ” බිරිඳ මානව හිමිකම් කොමිසමට

A complaint to the Human Rights Commission regarding the Mahara prison clash

රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු  මහර  බන්ධනාගාරයේ රඳවා සිටි  සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ. දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි. “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”…

Read More

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

Recommendations of the Human Rights Commission on the Mahara Prison Conflict

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව දැන ගත යුතු බවය. එමෙන්ම බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සදහා වහාම පියවර ගත යුතු බවත් ඇප ලබා දිය හැකි වරදවල් වලට රිමාන්ඩ් භාරයෙන් නිදහස් කිරීම, අන් අයට හදිසි නඩු විභාග කිරීම, සුලු වැරදි සම්බන්ධයෙන් ඇප දිය හැකි ඒවාට රිමාන්ඩ් කිරීමෙන් වලකින ලෙසත්ය. නොවැම්බර් 30 සවස 4 වන විට අදාල බලධාරීන්ට මේ ගැටුම පිලිබඳව මානව…

Read More

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු මාධ්‍ය වෙත වැඩි දුරටත් සදහන් කලේ  මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට  වතුරවත් නොමැති  තත්වයක් උද්ගතව…

Read More

ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

Shani Abeysekara former director of Criminal Investigation Departmen

සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී. එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.…

Read More

මධුෂ්ගේ මරණය ගැන මානව හිමිකම් පරීක්ෂණ

HRCSL inquiry into Madhush death

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට…

Read More