කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් එකතුවෙනි. අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසන්නේ සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා…
Read MoreTag: how many prisons in sri lanka
ලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්‍රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.
ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ කොළඹ නගරයේ සහ පිට පළාත්වල ප්‍රධාන ඉඩම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා බදු දී අවම වශයෙන් ඩොලර් බිලියන 6ක්වත් රැස් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. එම පුවතට අනුව මෙම ඉඩම් කොටස්වලින් සියයට 51 ක් රජය සතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හෝ හවුල් ව්‍යාපාර මත පිරිනැමීමට නියමිතය.. ඒ අනුව…
Read Moreරැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.
කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත. ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි ඔවුන්ට අවැසි සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී තිබේ. ඒ් අතර දෑත් පිරිසිදුකාරකද තිබී ඇත. එසේ ලැබුණු දෑත් පිරිසිදුකාරක මෙම රැඳවියන් 12 පානය කර ඇති බව පැවසේ. මෙම රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද විරෝධතාවක නියැලි සිටියි.…
Read Moreරැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාලව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර දිග යාම නිසා ඊට පළිගැනිමක් වශයෙන් මෙම පහර දීම සිදුව ඇති බව පැවසේ. ඒ අනුව වැඩ තහනම් වු නියාමකවරුන් 05 දෙනා විනය පරීක්ෂණයකට යටත්ව වැඩ තහනම් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන අතර එක් පරීක්ෂණයක් බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකු සිදුකරයි. අනෙක් පරීක්ෂණය අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විසින් සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
Read Moreසිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.
සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැගී සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ ආරම්භ කළ විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය. GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ අපේක්ෂාව…
Read Moreසිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ මවට වසරකට වැඩි කාලයකින් පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ 2021 ඔක්තෝබර් 9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි. සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත් අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි. සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ…
Read Moreඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත. මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය. බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන…
Read Moreඅනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…
Read Moreදෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති
තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අමතමිනි. තමන් උතුරේ බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලා සීටියේ ආරක්ෂාවේ ගැටලුවක් නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා…
Read Moreවැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ දින සිරකරුවන් 89 ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉකුත් 20 දින වහල මත නැඟ විරෝධතාවයක නිරත විය. ඒ් ඔවුන්ටද සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඊයේ (21) වැනි දිනයේත් සිරකරුවන් දස දෙනෙක් පමණ නිදහස ඉල්ලා විරෝධතාවයේ නිරත විය. මේ අතර ඊයේ දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ද ආහාර වර්ජනයකට…
Read More