වැඩ වර්ජනයක් ගැන ඇමති වාසු රජයට අනතුරු අඟවයි!

wasudewa

ඉහල දැමු වැටුප් නොදී කම්කරුවන්ට නොයෙක් වැඩ කොන්දේසි දමමින් වතු සමාගම් හිතුවක්කාරී ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා තිබෙනවා, ඊට එරෙහිව කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවනවා`යැයි ආණ්ඩුවේ හවුල් කාර පක්‍ෂයක් නියෝජනය කරන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ඊයේ  [07] පැවසීය. තුන් මසකට ආසන්න  වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට  බලකෙරෙන ගුරු-විදුහල්පති අරගලයට විසදුම් ලබා නොදී එය නොයෙක් අයුරින් මර්දනය කරන්නට ආණ්ඩුව වෑයම් දරමින් සිටින පසුබිමක ඇමතිවරයා   මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මහ බැංකු වාර්තාවන්ට අනුව විධිමත් ක්ෂේත්‍රයේ  කම්කරුවන්ගේ මුලික වැටුප සියයට 4.2 කින් පහත වැටි තිබේ. ඉහල යන ජිවන වියදම හමුවේ කම්කරුවන්ට වැටුප් වැඩි…

Read More

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.

rajapaksha

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති  වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ…

Read More

ගුරු වෘත්තීය සමිති නායකයෙකුට මරණ තර්ජන!

ponnathurei

මහජන ආරක්ෂාව බාර ඇමැති  සරත් වීරසේකර මහතා  විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව ගුරු  වෘත්තීය සමිති නියමුවෙකුට මරණීය තර්ජන එල්ල වී තිබේ. මෙසේ මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධිකාරක හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පොන්නතුරෛ විජයරූපන් මහතාටය. සමාජ මාධ්‍ය මගින් තමන්ට එල්ල කර ඇති  මරණ තර්ජන ගැන  ඔහු මඩකලපුව පොලිසියට පැමිණිලි කර ඇත. “ඉන්දීය සාම සාධක හමුදාව මඩකලපුව දිස්ත්‍රිකයේ  හමුදා මෙහෙයුම් කළ 1989 වකවානුවේ දී මරා දැමුණු වෘත්තීය සමිති නායකයකු  වූ වන්නියසිංහම් ගැන මතක් කරලා `ෆේස් බුක් ෆ්‍රෙන්ඩ්ස්` කියලා එකකින් තමයි මේ තර්ජන එන්නේ“…

Read More

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට

atg

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය සමිති 22ක් ඉල්ලීමක් කර ඇත. එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වැනි  දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ  වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවා  තිබුනි. වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින්…

Read More