සුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!

Two-day strike in health service begins

වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන  නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ  වර්ජන ක්‍රියා මාර්ගයක්  ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ නොවැම්බර් මස 24 සහ 25 දෙනින වර්ජන ක්‍රියා මාර්ගය දියත් කරන අතර කඩිනමින් විසදුම් නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවයි. “මේක සංකේත ක්‍රියාමාර්ගයක් විතරයි. පැය 48කින් ඉවර කරනවා. එහෙම කරන්නේ ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරවන්න. නමුත් එහෙමත් නැගිටින්නේ නැත්නම්, අපි ඊළග පියවරට යනවා. ඒක බොහෝවිට ඉල්ලීම් ලබා දෙනතුරු…

Read More