කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ravi

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…

Read More

වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට  ඔවුන් හෙළි කරන කරුණු  සම්බන්ධයෙන්  තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කළ  යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැති බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අගෝස්තු 31 වැනි අගහරුවාදා  උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුනි. නමුත් ඔහු එදින එහි නොගිය අතර ඒ් සඳහා දින 14 ක…

Read More

කොවිඩ් බොඩි බෑග් මිලදි ගන්න තවත් ටෙන්ඩරයක් !

කොවිඩ් මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් බොඩි බෑග් 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පැවසේ. මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත. දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත. මීට පෙරද 2020 වසරේ දී ලංකාවට…

Read More

ස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලංකාවට පැමිණි පසු එය ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයට හා කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයටය. ස්පුට්නික් V එන්නත් 150 000 කට ආසන්න පිරිසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ දී එන්නත්කරණය සිදු කළ අතර  එම පිරිසට මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලගත නිලධාරීන් ද ඇතුළත් විය. ඔවුන් ස්පුට්නික් V එන්නත…

Read More

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!

භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතුය. සාමාන්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ජීවානුහරණය කළ අත්මේස්, KN95 මුව ආවරණයක් සහ ගුණාත්මකභාවයෙන් යුතු ශරීර ආවරණයකින් ද යුක්ත වේ. නමුත් මෙම සමාගමෙන් ලබා දෙන ඇඳුම් කට්ටලය භාවිතයට නුසුදුසු බවට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෛද්‍ය සැපයීම අංශයට…

Read More