පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!

government represses health staff president gazette

මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති  එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයයි. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. එසේ තිබියදී, සෞඛ්‍ය බලධාරීන් අබිබවා යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති කොවිඩ් මර්දන අධිකාරියේ ප්‍රධානී යුද හමුදාපති…

Read More

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

President Gotabhaya Rajapaksa has issued a special gazette

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් සහ සීමාසහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියළුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත. ජුනි 07 දා අවසන් වීමට තිබු සංචරණ සීමා ජුනි 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණේද…

Read More

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.

president gotabaya rajapaksa development projects

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර  17 වැනි වැඩසටහන ඊයේ  (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනය. මෙහිදී ජනාධිපතිවරයා ජනතාවට කියා සිටියේ ඔහු වැඩ කරන විට වැරදි අල්ලාගෙන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල වල බවය. විශේෂයෙන්ම වියත් මඟ සම්බන්ධවද සුදු වෑන් ගැනද කථා කළේය. සුදු වෑන්, කිඹුල්ලුන්ට කන්න දෙන කථා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙන කථා කියලා දැන් පරිසරය අල්ලගෙන බොරු ප්‍රචාර …

Read More

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

Gotabaya Rajapaksa government jobs in sri lanka

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි. තවත් ප්‍රදේශ රැසක රෝහල් වල විරෝධතා පැවැත්විනි. මේ සම්බන්ධව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් ඊයේ (23) දින සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැති බවය. මේ රැකියා ලාභීන් ස්ථිර…

Read More

2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!

2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද (17) දින මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 2019 බඳවාගත් වයඹ පළාත් සභාවට අනුයුක්ත උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ඊයේ (16) දින ලබාදීමට කටයුතු කර තිබෙන අතර එහි ස්ථිර වන දිනය ලෙස දක්වා ඇත්තේ 2021 ජනවාරි 1 දිනය වේ. මෙම නිලධාරීන් 2019-08-01 හා 2019-09-16 වෙනි දිනවල කණ්ඩායම් දෙකක් ලෙස බඳවාගෙන ඇත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමටය. එහිදී 14000  ක පමණ සංඛාවක් ඇත. දෙදහස් ගනනක් ඇත්තේ පළාත් සභා තුලය. අනෙක්…

Read More