බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA

system for online liquor sales sri lanka

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත පසුගියදා යොමුකර තිබුණු බවය. ඒ අනුව  මේ සඳහා මුදල් අමාත්‍යංශයේ බළධාරීන් එකඟතාවය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ  එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප, ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන්…

Read More

එදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA

dr samantha ananda GMOA Rajitha Senaratne

එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන්…

Read More

රෝහල් වල ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වෙලා! – GMOA අනතුරු අඟවයි.

Oxygen shortage in hospitals - GMOA warns

දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ  ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ වෙන විට  මෙරට  රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය සතියට සාපේක්ෂව ක්‍රමිකව ඉහළ යාමක් බවය. මැයි මාසයේදී දකුණු ආසියානු කලාපයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයින් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටි අතර  සාමාන්‍යයෙන් ගත් විට එය 400% ක ඉහළ…

Read More

එන්නත්කරණයේ බිස්නස් එක!

Vaccination has become a business Rajitha Senaratne GMOA

මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු  වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා සිදුවන සෑම මරණයකටම,සෑම ආසදිතයෙකුටම ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් විශාල ප්‍රමාණයක් වෙන් කරගෙන  සාමාජිකයින්ට පවසා ඇත්තේ සාමාජික මුදල් ගෙවා එන්නත ලබා ගන්නා ලෙසට බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ සාමාජිකයින්ට මේ එන්නත සීමාවක් නොමැතිව ලබා දුන් බවය. මේ ගැන සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අනික් අංශ…

Read More

Rajitha Senaratne | එන්නත්කරණයේ බිස්නස් එක!

Read More

හෙද සටන උග්‍ර වෙයි!

Health staff in the face of the Covid pandemic nursing union

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු ගණනාවක්ම සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දෙමින් ලිපි යවා ඇතත් තවමත් ඔවුන්ට නිසි විසඳුමක් ලබා දී නොමැත. එවන් පසුබිමක මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දෛනික රාජකාරි සිදු කරනුයේ ඉමහත් අසහනයකිනි, පීඩාවකිනි. ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කළත් ඔවුන්ට ඇවැසි  ප්‍රතිකාර ලබා දීමට මේ රජය අපොහොසත් වී ඇත. මෙය තවදුරටත් ඉවසීමට හෙද සංගම් සුදානම් නැත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පහුගිය…

Read More

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

all ceylon government medical officers association current covid situation

මාස ගණනාවක් පුරා “කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන් කළ නොහැකි බවත් ඒ සමඟම නිරෝධායන කටයුතු, රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් හුදකලා කිරීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සියල්ල එකට කළහොත් පමණක් මේ වසංගතයට මුහුණ දිය හැකි බව ඔහු පවසයි. අප සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා 10 ක ඉදිරිපත් කර ඇති අතර එහි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ සති 04 -06 ත් කාලය තුල මේ වසංගතය පාලනය කිරීමේ…

Read More

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය

Covid vaccination government nursing officers association

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් යවමින් දන්වා සිටියි. මෙවැනි ක්‍රියා මගින් සෞඛ්‍ය සේවකයන්ගෙන් එක් පිරිසකට යම් සුවිශේෂී සැලකිල්ලක් පෙන්නුම් කරන බවත් මෙවන් අවස්ථාවක එය අචාරධර්ම විරෝධී හා අසාධාරණ වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ඔවුන් එම ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කරන්නේ පළමුව කොවිඩ් 19 රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සිටින සියළු සෞඛ්‍ය සේවකයන් එන්නත්කරණයට ලක් කරන…

Read More

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 

Covid death toll rises in Sri Lanka gmoa

එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය හංසමාල් වීරසුරීය මහතා පවසයි. කොවිඩ් රෝගීන් ලක්ෂයක් හඳුනා ගන්න මාස 14 ක කාලයක් ගත වුවත් ඉතිරි 50,000 ක රෝගීන් සංඛ්‍යාව හඳුනා ගන්න ගත වූයේ මාස තුනක් වැනි කාලයක් බවත් ඒ අනුව මෙම වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය ගැන අවබෝධයක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියි. එබැවින් ඉදිරි සති…

Read More

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

covid situation government medical officers association samantha ananda

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව ඉක්මවමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. සමහර රෝහල් වලට මේ වන විට රෝගීන් භාර ගැනීමේ අපහසුතාවයක් මතුව ඇතැයි ද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ රෝගීන්ගේ සංකූලතා මතු වීම නිසා මේ වන විට දැඩි සත්කාර ඒකක වල ඇඳන් අර්බුදයක් පවා මේ වන විට ඇති වී තිබෙන බවය. එසේම…

Read More