පාලන මිල රිවස් කරලා බඩු මිල ඉහළ යවයි.

milk powder

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය කර තිබේ. කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට්…

Read More

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

chandraguptha

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට පත් කර ගෙන තිබු බවත් බවත් ඔවුන් තිගැස්සමට ලක් වුයේ කොතලාවල පනත මේ හරහා සම්මත කර ගැනීමට යාමේදි නොසිතූ ලෙස රටේ ජනතාවගෙන් එල්ල වු විරෝධතා හමුවේ බවද ඔහු පෙන්වා දෙයි. පහුගිය කොවිඩ් වසංගත සමයේදී ආසාදිතයින් රැගෙන ගියේ හමුදාවෙන් පැමිණ, මාධ්‍යයෙන් පැමිණ කොවිඩ් අසාදිතයා සමාජ සතුරෙක් ලෙස හුවා දක්වමින් බවත් මේ හරහා සමාජ – සංස්කෘතික විකෘතිභාවයක්…

Read More

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ නිසා ඇණ හිට ඇති සංවර්ධන  ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද එම ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡා වූ බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කොරෝනා වසංගතයේ හමුවේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය පදනම් කර ගනිමින් ඇතැම් කූට ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාව සූරාකෑම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය…

Read More

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ  සැප්තැම්බර්  13 වැනි දින  ආරම්භ  වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයේ 48වන සභා වාරයට ඉදිරිපත් කරන  ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ රදවා සිටින  රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබදව ද ඇතුලත්  කරන ලෙසටය. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති  නීතිඥ සේනක පෙරේරාගේ අත්සනින් යුතුව…

Read More

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත අගෝස්තු 24 වැනිදා ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  පෙන්වා දී ඇත්තේ එම විරෝධතාවයට සම්බන්ධ වූ නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය   භාවිතා කරමින්  විරෝධතාවයට  සහභාගී වු බවයි. අගෝස්තු මස 03 වැනි දින කොතලාවල විශ්ව විද්‍යාල පනත් සංශෝධනයට එරෙහිව සිසු ජන ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් දියත් කළ අතර , එහිදී …

Read More

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන් කළේ නැත. නමුත් ඔහු ඊයේ රටේ ජනතාව අමතන අවස්ථාවේ පවා මෙරට ජනතාව අසීමිත ලෙස කැපකිරීම් කරමින් සිටි බව ඔහු අමතක කර ඇත. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ 6985 ක් සිදුව ඇත. මේ…

Read More

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන් මුහයිඩීන් යස්සින් එම තීරණය ගෙන ඇත. මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි. ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ද වේ. රජුට සිය ඉල්ලා අස්වීම භාර දීම සඳහා මාලිගාවට යාමට පෙර ඊයේ (16)  උදෑසන මුහයිඩින් අවසන් කැබිනට් රැස්වීම පැවැත්වීය. අවසානයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. “කැබිනට් මණ්ඩලය අපේ ඉල්ලා අස්වීම…

Read More