අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ. ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.
Read MoreTag: gas matter
ගෑස් තවත් වැඩි වෙයි?
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.
Read Moreරත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්ථා වෙයි. ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල…
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!
ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක් සිය සමාගමට දරන්නට සිදුවන බවය. එහෙත් මෙම ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළේ අලවි වන්නේ රුපියල් 2675 ක මිලකට නිසා සමාගමට දැවැන්ත පාඩුවක් සිදුවන බව එම සමාගම ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ දැනට ගොඩ බාමින් ඇති ගෑස් නෞකාවෙන් පමණක් රුපියල් මිලියන 200 ක පාඩුවක් තම සමාගම ලබන බවත් ඉදිරියේදීත් මෙම තත්ත්වය වෙනස් නොවන බව ප්‍රකාශ කරන එම සමාගම…
Read Moreමේ නැව අවසන් නැවද?
දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්‍රෝ ප්‍රධානියෙක් ‘අයිතිය’ වෙබ් අඩවිය සමග ප්‍රකාශ කළේය. මෙම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකක සැපයුමකට පමණක් ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන එම නිළධාරියා මෙම දින දෙකෙන් පසුව නැවතත් ගෑස් ප්‍රශ්නයක් එන බවද, එම අවස්ථාවේදී නම් ගෑස් ප්රශ්නය විසඳාගන්නටම නොහැකිවනු ඇති බව සිය විශ්වාසය යැයි ප්‍රකාශ කරයි. ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 200ක් කර්මාන්ත සඳහා ලබාදෙන අතර ඉන්පසු ඉතිරිවෙන…
Read Moreආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බවය. ඒ අනුව එම ගෑස් සමාගම මේ වනවිට සිය ගෑස් තොග, කර්මාන්ත සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණක් නිකුත් කරයි. රට තුළ ගෑස් හිඟය මෙසේ උත්සන්න වෙනවිට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාවක් ලංකාවට ආසන්න මුහුදේ නැංඟුරම් ලා ඇති බවද එහි තිබෙන ගෑස් තොග ගොඩබා ගැනීම සඳහා ලංකාව සතුව ඩොලර් නැති…
Read Moreතෙල් සහ ඖෂධ මිල අහසට!
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් බවට පත්වී ඇත. මෙය එකවරකදී තෙල් මිල ඉහළට දැමුණු වැඩිම අගය වෙයි. තෙල් මිල මෙසේ ඉහළට යනවිට ඖෂධ මිල පාලනය ඖෂධ වෙළෙන්ඳන් අතට පත් කර ඇත. මේ පිළිබඳව මව්බිම පුවත්පතට අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට…
Read Moreපාන් ගෙඩියක් කාලත් හමාරයි..!
රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා දමා ඇතැයි ද සක්‍රීය තත්ත්වයේ තිබෙන බේකරි සතියකට දින 5ක් පමණක් වැඩ කරන බවද ප්‍රකාශ කරන එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන, පවත්නා මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් තව සතියක් යනවිට බේකරි සියල්ල වසාදැමීමට සිදුවෙනු ඇතැයි අනතුරු අඟවයි. තිරිඟු පිටි මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම සහ තිරිඟු පිටි, ගෑස්, තෙල්…
Read More“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.
ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්රබලයින්ද චෝදනා කළෝය. මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික…
Read More“ගෑස් පෝලිම්වල ඉන්නට කම්කරුවන්ට වෙලාවක් නෑ” – RED
ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්රයේ වැඩ කරන කාන්තාවන් බරපතල පිඩාවට පත් වෙනවා,” යැයි නිදහස් වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් අතර වැඩ කරන මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම [Revolutionary Existence for Human Development] RED සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ ප්‍රධානි චන්ද්‍රා දේවනාරායන විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන්…
Read More