“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

Renuka Perera Chairman Litro Gas

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්‍රබලයින්ද චෝදනා කළෝය. මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික…

Read More

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්

Lessons to be learned from the erupting gas crisis

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී පුපුරා ගොස් ඇත්තේ ගෑස් ටැංකි හෝ ලිප් හෝ පමණක් නොවේ. ඇතැම් දේශපාලන මතවාද ද පුපුරා ගොස් ඇත. ඇතැමුන්ට ඒ බව නොතේරෙනවා විය හැකිය. එහෙත් බොහෝ දෙනාට ඒවා තේරුම් ගන්නට වුවමනාවක් නැතිවා විය හැකි ය. බොහෝ…

Read More

ගෑස් හිඟයි, කඩ වසයි!

Hotels closed due to gas shortage

රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර දිවයිනේ අනෙකුත් නගරවල තත්ත්වය ද මෙයම බව වාර්තා වේ. ගෑස් හිඟය ගැන අදහස් දක්වන ලිට්‍රෝ සමාගම මෙම ගෑස් හිඟය දුරලා නියමිත පරිදි ගෑස් සැපයීම සඳහා අවම සති දෙකක කාලයක්වත් යාවියැයි අනුමාන කරයි. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම් ගැසුණු පුද්ගලයන් අතර ආරවුල්ද හටගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Read More

නිසි ප්‍රමිතිය නැති ගෑස් නැව් දෙකම ගොඩබායි!

Permission to land two non-standard gas vessels

තත්ත්ව පරීක්ෂණයේ දී නිසි ප්‍රමිතිය නොමැති බවට තහවුරු කළ ලිට්‍රෝ ගෑස් නැව් දෙක තුළ තිබෙන එම ප්‍රමිතිය නැති ගෑස් මේවනවිට ගොඩබාමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත කියා සිටියේ එම ගෑස් තොග නැව තුළදීම නිසි ප්‍රමිතයට නැවත සකස් කළ බවය. ඒ අනුව පසුව කළ පරීක්ෂා කිරීමකදී අවශ්‍ය ප්‍රමිතිය එම ගෑස් සාම්පල පෙන්නූ බවත් එනිසා එම පළමු නැවේ ගෑස් ගොඩබෑමට කටයුතු කළ බවත් ය. මේ අනුව දෙවැනි නැවද ඒ ආකාරයේ ක්‍රියාවලියකින් පසුව පරීක්ෂා කරන බවත් එහිදී එම නැවේ තිබෙන ගෑස් නිසි…

Read More

“මින් පසු ප්‍රමිතිය අනුමත ගෑස් පමණයි”, අභියාචනාධිකරණයෙන් ගෑස් සමාගම්වලට නියෝගයක්.

Court of Appeal orders gas companies

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ යුතු බවත්, අභියාචනාධිකරණය අද (දෙසැ :17)  ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට නියෝග නිකුත් කර ඇත. රුවන් ප්‍රනාන්දු, සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවන් ඉදිරියේ, අනාරක්ෂිත ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර  ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම්  සහ ඊට වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ  නීතිමය පියවර ගන්නා ලෙස  නියෝග කරන්නැයි ඉල්ලමින්…

Read More

ගෑස් මරුවාට විසඳුමක් නෑ, ප්‍රමිතිය ගැන සාකච්ඡාවත් දෙසැ: 20ට ගිහිං

Unresolved gas crisis

තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී ඇති අතර පසුගිය 15දා පෙරවරු 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ගෑස් පිපිරීම් 24 ක් වාර්තා වී ඇත. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ ප්‍රමිතියට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් පාරිභෝගිකයා වෙත බෙදාහැරීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දෙසැම්බර් 15දා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබේ. අනාරක්ෂිත ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර…

Read More

අලුතින් ගෙන්වූ ගෑස් තොගයකද නිසි ප්‍රමිතිය නෑ!

new gas stock does not meet the standards

ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් සාම්පල මෙරටදී පරීක්ෂාවකින් එම ගෑස් ද නිසි ප්‍රමිතියෙන් තොර බවට සොයාගෙන ඇත. එතිල් මර්කැප්ටන් රසායනික සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම මෙම ගෑස් තොගය ප්‍රමිතියෙන් තොරවීමට හේතුවක් වී ඇත. ගෑස් කාන්දුවකදී විශේෂ ගන්ධයක් එන්නේ මෙම රසායනිකය නිසා ය. මෙම පරීක්ෂාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අතර එහිදී හෙළිවී ඇත්තේ මෙම ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතියද නිසි ප්‍රමිතයට නැති බවය. එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව අනාවරණය වී ඇත. ආණ්ඩුව ගෑස් ගැටලුවට නිසි පිළියම්…

Read More

ගෑස් පිපිරීමකින් තවත් කාන්තාවක් මරුට!

Woman killed in gas explosion

ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය 01 වනදා අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේ දී ගෑස් උඳුන පුපුරා ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම අනතුරින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 10 වනදා මියගොස් ඇත.

Read More

අලුත් එකත් ලීක්

New Gas Cylinder Seal Sri Lanka

රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ දරණාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් ප්‍රකාශ කරයි. ඔහු එහිදී පවසන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම මෙවරද ජනතාව රවටා ඇති බවය. ගෘහනියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට මෙම තත්ත්වය යටතේ කුමක් වෙයිද යන්න ප්‍රශ්න කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් ගෑස් රෙගියුලේටරය සහ වයරයද අලුතින්ම සවිකළ බවය. මීට අමතරව මහනුවර, උඩුනුවර, ඇල්පිටිය ප්‍රදේශයෙන්ද නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක පිපිරීමක් වාර්තාවී ඇත. අමාත්‍ය…

Read More

ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්

Gas distribution suspended

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් බෙදාහැරීම නතරවෙනු ඇත. මෙම තොරතුර ලිට්‍රෝ සමාගම තහවුරු කරන අතර ලාෆ් සමාගම පවසන්නේ තමන්ට තවමත් එවැනි තීරණයක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුනොවුණ බවය. පසුගිය කාලයේ දිවයින පුරාම ගෑස් පිපිරීම් වාර්තා වූ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙම ගෑස් පිපිරීම් පිටුපස ලාභ ලබමින් තිබෙන ලිට්‍රෝ…

Read More