[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්රිවරයාවූ මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී…
Read MoreTag: galle face protest today
“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි
අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති. ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්නට නොහැකි පුද්ගලයෙක් අගමැති ධුරයට පත්කරන්නේකෙසේදැයි ප්‍රකාශ කරන ඒ හිමියන් එය ක්‍රම විරෝධී බවද සම්ප්රදාය විරෝධී බවද ජනතා අභිලාෂන් වලට පටහැනි බවදකියාසිටිති. ගෝල්ෆේස් අරගලය යනු එම භූමියේ සිටින සීමිත පිරිසකගේ අරගලයක් නොවෙන බවත් සමස්ත ජනතාවගේම පැතුම විශාලසමාජ පරිවර්තනයක් බවත් ප්‍රකාශ කරන ඒ හිමියන් අවධාරණය කරන්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම තීරණය ගතහොත්රටේ වර්තමානයේ උද්ගත…
Read Moreශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව
දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත් යෞවන සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිතව බිහි වුණ බහුතරයක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය විසින් පවතින අධිපති මතවාදයන්ට ප්‍රති පක්ෂ මතවාදයන් වෙනුවෙන් පෙනී හිටියා. තවමත් එහෙමයි. ප්රවීණයො විතරක් නෙමෙයි විශේෂයෙන්ම තරුණ තරුණියන් සක්‍රීය ලෙස මෙම තත්වය තුළ නිර්මාණ වලින් මැදිහත් වුණා. මහාචාර්ය රංජනී ඔබේසේකර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගේ අය සිංහල නාට්‍ය…
Read Moreසජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මහ පාරට කැඳවා ඇත. මේ අතර ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ දේපලවලට අලාභ හානි කරන්නන්ට වෙඩි තබන්නටය. මෙම තත්ත්වය තුළ ජනතාවට පොලීසිය සහ රජය කෙරෙහි තිබුණ විශ්වාසය ගිලිහීගොස් ඇත. එය භයානක තත්ත්වයකි. වහාම පිළිසකර කරගත යුතු තත්ත්වයකි. එනිසා මේ අරාජිකත්වයට රට ඇද දැමූ අරලියගහ මන්දිර වාචාලයන් ද, එහි සංවිධායකයන්ද, උසී උසී…
Read Moreසජිත් අගමැති..!
සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති අතර එහිදී උන්වහන්සේලා අග්‍රාමාත්‍ය ධුරය වහාම භාරගෙන රට මෙම අරාජිකත්වයෙන් ගලවාගන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිට ඇත. එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ, සංඝරත්නය එකාබද්ධව සෑදෙන නව ආණ්ඩුව සමග එකට සිටගන්නා පොරොන්දුව මත පමණක් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කැමති බවය. මෙම එකඟතාවයෙන් පසුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී…
Read Moreගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…
රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් කරේ 200ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබදව තවමත් නිලවශයෙන් දැනුම් දී නොමැත.
Read Moreසජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි… සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ. අවුලක් නෑ මට ඒ ගැන. ඒක ඔහුගේ දේශපාලන දැක්ම. මගේ කතාව ඒක නෙවෙයි.. එතන ඒ අවස්ථාවෙ කවුරුහරි කිව්වනම් ශැංග්‍රීලා එකට ගහමු කියලා ඒකත් ඒ මිනිස්සු කරනවා. ඒක තමයි මෙවැනි අවස්ථාවක තත්ත්වය. අනුරකුමාර ආපු වෙලෙත් කවුරුහරි එතන එහෙම කරන්න ඕනී කෙනෙක් හිටියනම් කරන්න තිබුණා. ඒ තත්ත්වය හැටියට එතන ඒ අවස්ථාවේ මිනිස්සු උසිගන්වනවා කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.…
Read Moreමහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)
මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල් ප්‍රශ්නයක් වෙලා, ඒනිසා ඔය අස්වීම රිවස් වෙන්නත් පුලුවන් කියලා. ඒ කොහොම වුණත් එදා තිබුණ කැබිනට් රැස්වීමෙදී ජනාධිපති මේ ඉල්ලා අස්වීම ගැන වගේම අලුත් සර්වපාක්ෂික ආණ්ඩුව ගැනත් කතාකරපු බව ඇත්තක්. ඒත් ඒ කැබිනට්ටුව ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ ආයිත් ඉතිං පරණ බෙර පදයම තමයි..! දැනගන්න තියෙන විදිහට නාමල් ඇතුලු පවුලේ පිරිස සහ බැසිල් රාජපක්ෂ මේ වෙලාවෙ මහින්ද…
Read Moreශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ජනතාව හෙට එනම් 09 වැනි දින ඉල්ලා අස්වෙමින් ආණ්ඩුව රට සාර්ථකත්වයට පත් කළ හැකි කණ්ඩායමකට භාර දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා ඇත.
Read Moreගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු 106(1) වගන්තිය යටතේ අරගල භූමිය නිසා මහජන පීඩාවක් සිදු වන බව තහවුරු කරන්න කොටුව පොලිස් ස්ථානාධිපති නීතිපති දෙපාර්තුමෙන්තුව හරහා පිටු 15ක පමණ දීර්ඝ කරුණ දැක්වීමක් අද (06) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයයේදී සිදුකරලා තියෙනවා කියලා නීතීඥ ප්‍රබෝධ රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අතරේ අද වාර්තා වෙනවා අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල මෙම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව…
Read More