රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල්35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති. කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමටසැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
Read MoreTag: fuel shortage
රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 : රු.7000/- ( නිව්ස් පීඩියා )
Read Moreසියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ
ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙය සිදුවී ඇත. සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව මෙසේ වසා දැමු බව වාර්තා වේ. එසේම රෝහලේ ළමා රෝග වෛද්‍යවරයා ඉන්ධන ලබාගන්න පැය 17ක් පෝලිමේ සිටි බව පැවසේ. මේ අනුව ඉන්ධන අරබුදය හේතුවෙන් වසා දැමුණු හතර වන රෝහල මෙය බවට පත්විය.
Read More“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති
ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ ඉන්ධන තොග සඳහා ගෙවීම් කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති හෙයින් මෙසේ ඉන්ධන නෞකා පැමිණීම ද ප්‍රමාද වී ඇති අතර එම නෞකා පැමිණෙන දිනයක් තවමත් නිශ්චිතව කිවනොහැකි බව අමාත්‍යවරයා පවසා ඇත. එම නිසා පවතින සීමිත පෙට්‍රල් සහ ඩීසල් තොග ලබන සතිය තුළ සීමිත පිරවුම්හල් ප්‍රමාණයකට පමණක් බෙදාහැරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පවසයි.
Read Moreඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි
මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය පැමිණෙනු ඇති බවත් බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේය. එසේම මේ සති අන්තයට පෙර මෙරටට පැමිණීමට නියමිත තිබූ ඩීසල් නෞකාවද එළඹෙන 28 වනදා දක්වා ප්‍රමාද වනු ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඉන්ධන මිල අද සිට ඉහලට..?
ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර වාර්තා වේ. එසේම භූමිතෙල් ලීටරයක් රුපියල් 210ක් තරම් අධික ඉහළ යාමක් සිදුවෙනු ඇති බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.
Read Moreතෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දා (16) පෙරේදා රාත්‍රියේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය කිහිපයක් පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය. මෙම පුද්ගලයා තම ත්‍රිරෝද රථයේ පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු…
Read Moreඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ද ලබා ගැනීමට කටයුතු කිරීම ගැන ඊයේ (23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කෙරූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
Read Moreඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
Read Moreතෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය. ඒ අනුව 077-7414241 යන දුරකතන අංකය මඟින් අදාළ ප්රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙස ද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසීය. බෝහෝ දුරට ඉන්ධන හිඟයට විසඳුම් ලබෙන බවද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
Read More