සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

journalists for human rights

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සංවිධානය සහාය පළකරන නමුත් එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය…

Read More

අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

Media has no place in society today - Sita Ranjani (Convener Free Media Movement)

මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක.  මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද? මට නම් පේන්නේ ජනමාධ්‍ය කියන එකට අද සමාජය තුළ ඉඩක් නැති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම දරුණු විදියට විවේචනය කරනවා නොවෙයි. අතලොස්සක් මාධ්‍ය තියෙන්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන. ඒවා ඉතාම සීමිතයි, ඒවායේ හඬ සමාජයට නොඇසෙන තරම්. ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කියූ විට විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය හා පුවත්පත් සියල්ලම පාහේ බොහෝ…

Read More